gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රජයේ කාන්තා මන්ත්‍රීවරියන් 08දෙනෙකු ඉන්වා – පියල් නිශාන්තට කාන්තා රාජ්‍ය ඇමතිකම දීලා - (video)

1997 සිට මේ දක්වා පැවති සෑම රජයක්ම කාන්තා හා ළමා කටයුතු අයිතීන් වෙනුවෙන් කැබිනට් අමත්‍යංශයක් වෙන් කළ බව පවසන සමගි තරුණ බලවේගය මේ වන විට එය රාජ්‍ය අමාත්‍යංශයක් බවට පමණක් පත්කර ඇති බව පවසයි.

රටේ ජනගහනයෙන් 52%ක් කාන්තාවන් වන බවත් 25%ක් ළමුන් වන බවත් පෙන්වා දෙන මෙවර ඔවුන් වෙනුවෙන් තිබු අමාත්‍යංශය කප්පාදු කොට අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ රාජ්‍ය අමාත්‍යාංශයක් බවට පත් කර ඇති බව පවසයි.

එමෙන්ම පොදු ජන පෙරමුණ රජයේ කාන්ත මන්ත්රිවරියන් 08 දෙනෙකු සිටින විට රාජ්‍ය අමාත්‍ය ධුර ලබා දුන් කාන්තාවන් දෙදෙනෙකු සිටින විට පියල් නිශාන්ත මහතාට එම අමාත්යංශය භාර දීමට ඔහුට ඇති සුදුසුකම කුමක්දැයි ඔවුන් විමසයි.

කාන්තාවන්ට හා දරුවන්ට ආවේනික වූ ගැටළු ඇති බවත් පියල් නිශාන්ත මහතාට එම අමාත්‍යාංශය භාරදීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ එම ගැටළු කතා නොකරන තත්වයකට පත්විය හැකි බවද සමගි තරුණ බලවේගය අදහස් දක්වමින් කියා සිටියි


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka