gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

'ඉස්සර මං LTTE දැං ප‍්‍රජාතන්ත‍්‍රවාදී.. 13 ක‍්‍රියාත්මක කරන්න පූර්ණ සහාය දෙනවා' - බන්ධනාගාරයේ සිට ආ පිල්ලෙයාන් පාර්ලිමේන්තුවේදී කියයි

13 වන සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට දරන සියලු උත්සාහයනට තම පක්ෂය සහාය දෙන බව සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සඳහන් කරයි. බන්ධනාගාරගතව සිටින අතරතුර අධිකරණයන් ලද අවසරය මත අද පාර්ලිමේන්තුවේ සමාරම්භක සැසියට සහභාගී වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් මන්ත්‍රී ධුරයක් ලබා ගනිමින් තේරී පත් වුවද තමන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට ඇති අයිතිය නීතිපතිවරයා විසින් අවහිර කරමින් සිටින බවද ඔහු පැවසීය.

එනිසා ඉදිරියේදී සෑම පාර්ලිමේන්තු සඳහා සහභාගී වීමට අධිකරණ අනුමැතිය අවශ්‍ය යැයිද ඔහු කියා සිටියේය.

එල්ටීටීඊ සාමාජිකයෙක් වුවත් තමන් දැන් ප්‍රජාතන්ත්‍රවාදය වැළඳගෙන ඇති බවද පැවසූ ඔහු රට සංවර්ධනය කිරීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උත්සාහයට සහය දෙන බව සඳහන් කළේය.

ටී.එම්.වී.පී. විපක්ෂය නියෝජනය කරමින් මඩකලපු දිස්ත්‍රික්කයෙන් මෙවට පාර්ලිමේන්තුවට තේරී පත්වූ පිල්ලයාන් මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මේ වන විට රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka