සමගි ජන බලවේගයට මෙවර ලැබී ඇති මන්ත්රීධූර 47න් 17ක් මුස්ලිම් හා දෙමළ මන්ත්රීවරුන් වන අතර එය පෙන්වමින් සුළු පක්ෂ නායකයින් පෙන්වා දී ඇත්තේ සමගි ජන බලවේගයට වැඩි ඡන්ද ලැබී ඇති දෙමළ හා මුස්ලිම් ජනතාවගෙන් නිසා තම පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්රීධූරය බැගින් ලැබිය යුතුම බවයි.
මැතිවරණයට පෙර දී සිදු වූ එකඟතාවන් මත කටයුතු කළ යුතු බවද ඔවුන් පෙන්වා දී ඇත.
මේ අතර පාර්ලිමේන්තුවට පත්ව සිටින මනෝ ගනේෂන් මහතා සදහන් කර ඇත්තේ තමනට පොරොන්දු වු ජාතික ලයිස්තු මන්ත්රී ධුර ලබා නොදුනහොත් පාර්ිලිමේන්තුවේ ස්වාධීන වන බවයි.
මේ සම්බන්ධයෙන් අද දිනයේ නැවත වතාවක් රැස්වී සාකච්චා කිරීමට නියමිතව තිබේ.
