gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව පලමු දවසේම පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිද දැම්මා.. කාලයෙන් 60%ක් අරන් අපට 40%ක් දුන්නා - මනෝ ගනේෂන්

යේ දිනයේ පැවති පළමු පාර්ලිමේන්තු පක්ෂ නායක හමුවේදීම ආණ්ඩු පාර්ශව විසින් පාර්ලිමේන්තු සම්ප්‍රදාය බිඳ දැමූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුව වැඩිම කාලයක් විපක්ෂයට ලබා දුන්නද මෙවර එම සම්ප්‍රදාය ආණ්ඩුව බිද දමා ඇති බවත් ඒ ගැන ඉතාම කණගාටු වන බවත් ඔහු පැවසීය.

තමන්ට පාර්ලිමේන්තුවෙ මන්ත්‍රී නියෝජනය වැඩි වශයෙන් ඇතැයි කියා ආණ්ඩුව විසින් පාර්ලිමේන්තු සම්ප්‍රදාය බිඳ දමා විවාද වල වැඩි කාලයක් ඔවුන් විසින් ලබාගත් බවත් එය ලොව වටා පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදයේ පැවති මූලික සම්ප්‍රදාය බිඳ දැමීමක් බවත් ඔහු සඳහන් කළේය.

පසුගිය පාර්ලිමේන්තුවේ තම පාර්ශවයට තුනෙන් දෙකක බලයක් තිබියදී විපක්ෂයට 60% කාලේ ලබා දී ආණ්ඩුව ගත්තේ 40%ක කාලයක් පමණක් යැයි ද පැවසු ඔහු මෙවර එම ක්‍රමය ආණ්ඩුව බිඳ දමා ඇති බවත්ඒ ගැන ඉතාම කනගාටු වන බවත් ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka