2020 වසරේ අවසන් මාස 04 සඳහා නව රජය මගින් ඉදිරිපත් කිරීමට නියමිත අතුරු සම්මත ගිනුම මගින් රාජ්ය වියදම් සඳහා රුපියල් බිලියන 1700 වෙන් කර ඇති අතර එම වියදම පියවීම සඳහා රජ්ය ආදායම අඩු වී රජය සතුව ප්රණවත් මුදල් නොමැති වීම හේතුවෙන් රුපියල් බිලියන 1300ක්ම ණය වශයෙන් ලබා ගැනීමට කටයුතු යොදා තිබීමෙන් රටේ ආර්ථික අර්බුදය මනා ලෙස ප්රදර්ශනය වන බවද ඔහු පවසයි.
ප්ලාස්ටික් හෝ වීදුරු බෝතල් වෙනුවට මැටි, වීදුරු වල ජලය පානය කිරීමට හා සතියකට වරක් රාජ්ය සේවකයන්ට බතික් අදින ලෙස ඉල්ලීමෙන් සාර්ව ආර්ථිකය දියුණු කළ නොහැකි බවත් 2020 වසරේ මුල් කාර්තුව තුළ ආර්ථික වර්ධන වේගය 1.6 % ක සෘණ අගයක් වාර්තා වූ බවත් ඔහු පවසයි.
