gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අල්ලන්න ගෙදරට පොලිසියෙන් පනී

හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වාගේ පුත් මාලක ද සිල්වා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, මුදල් ඉල්ලා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුවයි.

පසුගිය මහ මැතිවරණයේදී හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂය යටතේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වුණා.

ඔහුගේ මැතිවරණ කටයුතුවලට අවශ්‍ය බව පවසමින් ඔහුගේ පුත් මාලක ද සිල්වා මෙලෙස ව්‍යාපාරිකයෙකුගෙන් මුදල් ඉල්ලා තර්ජනය කර ඇති බවටයි පැමිණිල්ල ලැබී ඇත්තේ.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ දිනයේදී තලංගම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවසට ගිය ද ඔහු එම අවස්ථාවේ නිවසේ රැදී නොසිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka