මෙසේ පැමිණ ඇත්තේ පාස්කු කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් වන අතර පාස්කු ප්රහාරය මුල්කරගෙන හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් ප්රකාශයක් ලබාගැනීම සඳහා මෙම පිරිස ගොස් ඇති බව දැනගන්නට ඇත.
හිටපු ජනාධිපතිවරයාට ප්රකාශයක් ලබාදීම සඳහා අද (26) පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙන්නැයි පසුගිය 21 වැනිදා දැනුම් දී තිබුණි.
නමුත් තමාට එම පොලිස් ඒකකයට පැමිණීමට නොහැකි බවත්, සිය කොළඹ නිවසට පැමිණ ප්රකාශ ලබා ගන්නා ලෙසත් හිටපු ජනාධිපතිවරයා කොමිසමේ පොලිස් ඒකකයට දැනුම් දී තිබුණි.
