කැබිනට් මණ්ඩලය 26කට සීමා කළද ආයතන ගැසට් කිරීමෙන් පසු එක් පවුලකට කොපමණ ප්‍රමාණයක් අදාළ වෙයිද යන්න බලාගත හැකි අතර පළමු වටයේ සිදුවන්නේ ව්‍යවස්ථාව වෙනස් කිරීම වන අතර එය කා වෙනුවෙන් කරන්නක්ද යන්න බලාගත හැකි බවයි හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ.
කෙසේවෙතත් මැතිවරණ ප්‍රතිඵලයට අනුව ජනතාව දොස් නොකියන අතර ආණ්ඩුවට විජයග්රහණයක් ලැබී තිබෙන බවයි ඔහු කියා සිටියේ. මෙම විජයග්‍රහණය කොයි අතට හැරේවිද යන්න ඉදිරියේ බලාගත හැකි බව ද ඔහු සඳහන් කරන ලදී.
මෙම සියලු තත්ත්වයන් හමුවේ ඡන්දය දුන් නොදුන් සියලු දෙනා වෙනුවෙන් විපක්ෂයේ කාර්යභාරය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවෙන බවයි හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ.
''හැටපහේ පරිප්පු සීයේ සැමන් කියලා පටන් ගත්ත ආණ්ඩුවට දැන් තුනෙන් දෙකක බලයක් තියෙන නිසා ජනතාවගේ පැත්තෙන් හිටගෙන එම පොරොන්දු ඉටුකරන්න වහාම කටයුතු කරන්න කියල කියනවා. අපිට තියෙන්නේ විපක්ෂය ලෙස ජනතාව වෙනුවෙන් හඬ නගන්න. විපක්ෂය ලෙස අපට තනි බලයක් ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඔවුන් විශාල මැතිවරණ ජයග්‍රහණයක් ලබලා තියෙනවා. ආණ්ඩුවේ පළමු යුතුකම වෙන්නේ ජනතාවගේ පොරොන්දු ඉටු කිරීම. ජනාධිපති අගමැති එක්ක තුනෙන් දෙකක ආණ්ඩුවක් ඔවුන්ට තිබෙන බව පෙනෙන්න තිබෙනවා. ඒ නිසා අද ඉඳන් අරක නැහැ මේක නැහැ අතන නැහැ මේක මදි වුණා තුනෙන් දෙකක් නැහැ ඒක නිසා අපට මේක කරන්න බැරි වුණා කියන කතාව අදින් අවසන් වෙනවා.''
මෙලෙස තුනෙන් දෙකක බලයක් ජනතාව ආණ්ඩුවට දී ඇත්තේ 2015 වසරේ පත් වූ ආණ්ඩුවේ පැවති වැරදි නිසාවෙන් බවද හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.
2015 ආණ්ඩුවේ තිබුන වැරදි නිසා ජනතාව තුනෙන් දෙකක බලයක් දීලා තියෙනවා.
''ජනතාව මේ ඡන්දෙදි අමුතු විදිහේ උත්තර කිහිපයක් මේ දීලා තියෙනවා. අපි දැක්ක ගම්පහ දිස්ත්‍රික්කයේ උපරිම ජාතිවාදය කතා කළ සමහර අපේක්ෂකයෝ දිස්ත්‍රික්කයේ අන්තිමය වෙලා තියෙනවා. උපරිම ජාතිවාදය කතා කරපු නැගෙනහිර පළාතේ කෙනෙක්ව අයින් කරලා තියෙනවා. ඒ වගේම වියත්මගේ සමහර අශ්වයෝ බූරුවෝ ගැන කතා කරපු කට්ටිය අන්තිමයා කරලා තියෙනවා. සමහර මිරිස් කුඩු ප්‍රශ්නවලට සම්බන්ධ ගියවර දෙවෙනියා වගේ වුන අය මේ පාර 08 වැනියා කරලා තියෙනවා. මිනිස්සු බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි කරලා තියෙනවා.''
විපක්ෂයක් ලෙස ලැබුණු ප්‍රතිඵලය අනුව විශාල ආත්ම විශ්වාසයක් ගොඩ නැගී තිබෙන අතර ඉදිරි ගමනක පදනම වැටී තිබෙන බවද හෙතෙම වැඩිදුරටත් පැවසුවේය.
