gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අලි - මිනිස් ගැටුමට විසඳුමක් සොයන්න වසර 02ක් : පාලනයකට නතුව ගංගා ආශ්‍රිත වැලි ගොඩදැමීමට අවසර දීමටත් අවධානය

න අලි ගම් වදිනවා වෙනුවට කැලෑ වදින ක්‍රමවේදයක් සකස් කර අලි මිනිස් ගැටුමට දෙවසරක් තුළ ස්ථීර විසඳුමක් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

දිස්ත්‍රික්ක රැසක ජනතාව මුහුණ දෙන වන අලි ගම් වැදීමේ ගැටළුව වසර 40කට ආසන්න කාලයක් සාකච්ඡාවට ලක් වනවා.
විවිධ විසඳුම් ක්‍රියාත්මක කළ ද ගැටළුව විසඳී නැහැ. මිනිසා සහ අලියා යන දෙකොටසම සුරැකෙන කඩිනම් සහ ස්ථීර විසඳුම් සෙවීම ප්‍රමුඛ කාර්යක් බව මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කර සිටියා.

වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලැසුම් පිළිබඳව අද (27) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කර සිටියා.

2019 වසරේ දී වන අලි ගම් වැදීමෙන් මිනිස් ජීවිත 122ක් අහිමිවී තිබෙනවා. මියගොස් ඇති වන අලි සංඛ්‍යාව 407ක්.  මේ වසරේ ගත වූ මාස 08 තුළ අහිමි වූ මිනිස් ජීවිත ගණන 62ක්. මිය ගිය අලි සංඛ්‍යාව 200කි. මේ නිසා වගා කටයුතුවලට, දෛනික ජන ජිවිතයට මෙන්ම වන අලි ගහණයට එල්ල වී ඇති තර්ජනය අතිවිශාල යැයි ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා.

හෙක්ටයාර දොළොස් ලක්ෂයක කැලෑ බිමක්  වනජීවි දෙපාර්තමේන්තුව සතුව තිබෙනවා. වන සතුන්ගේ ආහාර පිළිබඳ සොයා බැලීම ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමක්. දීර්ඝ කාලයක සිට පවතින ගැටළුවට විසඳුමක් සෙවීමට හෝ උපාය මාර්ග සකස් කිරීමට හෝ අදාළ කේෂ්ත්‍රවල නිලධාරීන්ට නොහැකිවීම ගැන ජනාධිපතිතුමා මෙහිදී මව්තය පළකර සිටියා.

වන අලි ගම් වැදීම වළක්වා ජන ජීවිතය සහ වගා බිම් ආරක්ෂා කිරීමට ස්ථීර විසඳුම්ක් සෙවීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා.

රක්ෂිත භූමිවල ඇති වැව් සහ ජලාශ ප්‍රතිසංස්කරණයට සහ ඒ ආශ්‍රිතව තෘණ වගාව ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂපෙන්වා දුන්නා.
.
කඩොලාන සංරක්ෂණය සහ පුළුල්ව ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාවය ද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර එහිදී කඩොලාන වගා කිරීමේදී ජනතාවට ප්‍රතිලාභ හිමිවන අයුරින් නීති ලිහිල් කළයුතුව ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

කඩොලාන ආශ්‍රිතව ඉස්සන් වගාව කරගෙන යාමට හැකියාව ඇති බව මෙහිදී නිලධාරීන් ජනාධිපතිවරයාට පෙන්වා දුන්නා.

ගංගා ආශ්‍රිතව වැලි ගොඩදැමීම පාලනයක් සහිතව කරගෙන යාමට එම ප්‍රදේශවල ජනතාවට අවසර දීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කර සිටියා.

ජනතා උද්යෝගය මත ක්‍රියාත්මක ව්‍යාපෘති ජනතා අවධානයෙන් මිදී ඇති කාලයේදී ද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් වගබලා ගතයුතු බව මෙහිදී  ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියා.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka