ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සිය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍රවරුන්ගේ ලේඛනය ඊයේ මැතිවරණ කොමිසම වෙත යොමු කළා. සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, සිය පක්ෂයේ ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ජා වෙමින් පවතින බවයි.
ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තුව, එහි නායකත්ව මණ්ඩලය රැස්වී හෙට හෝ අනිද්දා දිනයේ තීරණය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. එක්සත් ජාතික පක්ෂය ද තමන්ට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පත් කරන්නේ කවුරුන්දැයි මෙතෙක් තීරණය කර නැහැ.
