gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කැබිනට් මණ්ඩලය අනිද්දා දිවුරයි - යෝජිත පිරිස මෙන්න

ව රජයේ ඇමති මණ්ඩලය අනිද්දා දිනයේ (12) දිවුරුම් දීමට නියමිතය.

මහනුවර මඟුල් මඩුවේදී මෙසේ දිවුරුම් දීමට නියමිත ඇමති මණ්ඩලය ඇමතිවරුන් 26 දෙනෙකුගෙන් සමන්විත වනු ඇතැයි වාර්තා වෙයි.

මෙහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාට මුදල්, නිවාස හා ඉදිකිරීම් ඇමැති ධුර ලැබෙනු ඇතැයි සඳහන් වේ.

අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මහාචාර්ය ජී. එල්. පිරිස් මහතා සහ විදේශ කටයුතු ඇමතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා යෝජනා වී ඇතැයි වාර්තා වෙයි.

චමල් රාජපක්ෂ මහතා වාරිමාර්ග ඇමැති ධුරයටත් නාමල් රාජපක්‍ෂ මහතා ක‍්‍රීඩා ඇමති ලෙසත් පත් කිරීමට යෝජනා වී ඇතැයි සදහන්ය.

සෞඛ්‍ය ඇමති ලෙස පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය, කෘෂිකර්ම ඇමැති ලෙස මහින්දානන්ද අලුත්ගමගේ මහතා, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමැති ලෙස ප්‍රසන්න මහතා, ජනමාධ්‍ය ඇමැති ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතා යෝජනා වී ඇත.

අධිකරණ ඇමැතිවරයා ලෙස අලි සබ්රි මහතා පත්කරනු ඇති බවත්, නාලක ගොඩහේවා, සරත් වීරසේකර, ජීවන් තොණ්ඩමන් යන අයටද ඇමතිධුර ලැබෙනු ඇතැයිද වාර්තා වෙයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka