පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇත.
මෙම පොලිස් ආරක්ෂාව ඇත්තේ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විසින් කරන ලද ඉල්ලීමක් අනුවයි.
සමගි ජන බලවේගය විසින් මෙම පක්ෂ මූලස්ථානය අල්ලා ගනු ඇතැයි ඇතිවී තිබෙන සැකයක් හේතුවෙන් මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත.
මේ අතර හිස් ගොඩනැගිලි අල්ලා ගැනීමට කිසිම උනන්දුවක් නැති බවත් ආණ්ඩු බලය ලබා ගැනීම තම පක්ෂයේ අරමුණ බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන ලද්දේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
සිරිකොත පොලිස් ආරක්ෂාව තර කරයි.. සජිත් අල්ලන්න එතැයි සැකයක්..
2020-08-09T14:04:00+05:30
Lanka Hot News