gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රතන හිමිගේ පන්සලට පොලිසියෙන් පනී.. කොඩියේ ලේකම් හිමි පැහැරගත් බවට චෝදනා.. රතන හිමි අතුරුදහන්..

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩ වාසය කරන රාජගිරියේ පිහිටි සදහම් සෙවන විහාරස්ථානයට අද පස්වරුවේ පොලිස් නිලධාරීන් පිරිසක් ගොස් තිබේ.

කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිසක් මෙසේ පැමිණ තිබුණේ රතන හිමියන්ට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් මතයි.

නමුත් එම අවස්ථාවේ රතන හිමියන් විහාරස්ථානයේ නොසිටි අතර දුරකථනය මගින් රතන හිමියන් දැනුම් දී ඇත්තේ හෙට දිනයේ සාකච්ඡා කිරීමට පොලිසියට එකඟ වූ බවයි.

අපේ ජන බල පක්ෂය මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් රතන හිමියන් විසින් පැහැර ගත්තේ යයි කොළඹ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර තිබිණ.

ජනාධිපතිවරයාගේ නිල නිවස ආසන්නයේ දී මෙම පැහැර ගැනීම සිදු ව ඇතැයි උන් වහන්සේ පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මේ අතර රතන හිමියන් මැතිවරණ කොමිසමේ පසුපස දොරටුවකින් එම කාර්යාලයට ඇතුළු වන විඩියෝවක්ද සමාජ ජාලවල හුවමාරු වෙමින් තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka