gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති ව්‍යවස්ථාව කැඩුවා.. පාර්ලිමේන්තු ආවේ සුදු ඉර කපාගෙන..- හරීන් ප‍්‍රනාන්දු

නව වැනි පාර්ලිමේන්තුව ආරම්භ කරන ලද දිනයේදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙරට නීතිය උල්ලංඝනය කළ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ජනාදිපතිවරයා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ ඇති සුදු ඉර කපා ගෙන පැමිණි බවත් එය මාර්ග නීතිය උල්ලංඝනය කිරීමක් බවත් ඔහු පැවසීය.

එක රටක් එක නීතියක් යැයි ජනාධිපතිවරයා තම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පැවසුවද ජනාධිපතිවරයාම මාර්ග නීති උල්ලංඝනය කරමින් පැමිණීම පුදුමයක් ලෙස ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනි.

වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසියක් ආරම්භ කිරීමට පැමිණෙන සෑම අවස්ථාවකදීම ඔහු පෙරටුකරගත් අශ්වාරෝහක බල ඇණිය රථ පෙළපාලිය එම පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ මාර්ගයෙන් හරි මැදින් පැමිණීම සාමාන්‍ය සම්ප්‍රදායක් බවයි.

එමෙන්ම ජාතික නිදහස් දිනය ආදී ජාතික උත්සවයන් පැවැත්වෙද්ද ඒ සදහා යොදා ගන්නා මාර්ගයන් භාවිත කරන්නේද ඒ ආකාරයෙන් බවත් නුවර පෙරහැර ආදී සංස්කෘති අංග පවා ක‍්‍රියාත්මක වන්නේ එසේ බවත් ඔහු

කියා සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka