gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රී ලන්කක් ලාබ ලබන ආයතනයක් කරන බව මා කියන්නේ නෑ..- ඇමති

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසිසේත් විකුණන්නේ නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ජාතික ගුවන් සමාගමක් රටකට අත්‍යවශ්‍යය බව ගෝඨාභය රාජපක්ෂ රජයේ ස්ථාවරය බවත් පාඩුව අවමකොට ශ්‍රී ලංකන් ගුවන් සමාගම ජාතික ගුවන් සේවය ලෙස පවත්වාගෙන යාම නව රජයේ ස්ථාවරය බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

කටුනායක පිහිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිළධාරීන් සමග පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාබ ලබන ආයතනයක් බවට පත් කරන බව මා කිසිවිටෙකත් පවසන්නේ නෑ. මේ ගුවන් සමාගම ලබන පාඩුව අවම කිරීම තමයි මගේ අරමුණ. මොකද රටකට ජාතික ගුවන් සේවයක් අවශ්‍යයි. එවැනි ජාතික ගුවන් සේවයක් පැවතීම නිසයි අපට කොවිඩ් 19 අසරණ වු විදේශගත සිසු සිසුවියන් වගේම විදෙස්ගත ශ්‍රමිකයන් හා ඔවුන්ගේ පවුල්වල අය මෙරටට ගෙන්වාගන්න පුළුවන් වුණේ.  ඒ නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණා දැමීමට ආණ්ඩුවේ කිසිදු සුදානමක් නෑ. ජාතික සම්පත් විකුණන් කෑම ගෝඨාභය – මහින්ද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවේ.

සංචාරක අමාත්‍යාංශය යටතේ තමයි ගුවන් තොටුපළ, ශ්‍රී ලංකන්, අපනයන සැකසුම් කළාප තිබෙන්නේ. අපිට කොවිඩ් කොවිඩ් කියලා හැමදාම රට වහලා තියන්නත් බෑ. කොවිඩ් කොවිඩ් කියලා හැමදාම වැඩ නොකර ඉන්නත් බෑ. අපි කැමති වුණත් නැති වුණත් අපිට කොවිඩ් එක්ක ජීවත් වෙන්න වෙලා. ඒ නිසා ඒකට ගැළපෙන වැඩපිළිවෙලක් අපි හදන්න ඕනේ. පහුගිය මාස කීපයේ රටේ තිබුණේ අපේ නොවන අපේ ආණ්ඩුවක්. අපේ ආණ්ඩුවක් තිබුණට වැඩි බලය තිබුණේ විපක්ෂයට. ඒ තිබුණේ භාරකාර ආණ්ඩුවක්. ඒ කාලයේ වැඩි බලය තිබුණ විපක්ෂය අපිට කිසි වැඩක් කරන්න දුන්නේ නෑ.

පහුගිය ආණ්ඩුව ශ්‍රී ලංකන් එකට ස්වාභාවික මරණයක් ලබා දීමටයි හැදුවේ. ඔවුන්ට ඕන වුණේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකුණලා දාන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්වුණාම තමයි ශ්‍රී ලංකන් වගේ පහුගිය ආණ්ඩුවෙන් විකිණීමට හිටපු ආයතන සුරක්ෂිත වුණේ. පහුගිය යහපාලනය කාලේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ සිදු වූ සියලු අක්‍රමිකතා පිළිබද ව පුළුල් පරීක්ෂණයක් සිදු කරනවා. ඒ නිසා කඩිනමින් අභ්‍යන්තර විගණනයක් කරන්න අපි අපේක්ෂා කරනවා. ආයතනය එක සේවයකයෙක් ඉවත් කරන්න ලක්ෂ ගාණක් වියදම් කරලා නඩු කියන තත්ත්වයක් තියෙනවා. සාධාරණ හේතුවක් නොමැති එවැනි දීර්ඝ කාලයක් තිස්සේ ඇදෙන ආයතනය පැටලී ඇති නඩු අවසන් කර ගැනීමට පියවර ගත යුතුයි. වෘත්තීය සමිති සහායත් මේ ආයතන පවත්වාගෙන යන්න අවශ්‍යයි. සාධාරණ ඉල්ලීම් වලට ඇහුම්කන් දෙන්න අපි ලෑස්තියි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම දියුණු කිරීම සදහා වසරක ක්‍රියාකාරී සැලැස්මක් සකසන්න. ඉදිරි සති 03 ඇතුළත එම ක්‍රියාකාරී සැලැස්ම සකසා අවසන් කර මටත් රාජ්‍ය ඇමතිවරයා වෙතත් ලබා දෙන්න. එය වසරක් තුළ ක්‍රියාත්මක කල යුතුයි. එම ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක නොකරන ආයතන ප්‍රධානීන් සම්බන්ධයෙන් වග කිය යුතුයි.

ගුවන් සේවා, අපනයන කලාප සංවර්ධන රාජ්‍ය ඇමති ඩි.වි.චානක මහතා

ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගේ මේ වගේ ආර්ථිකයට වැදගත් අමාත්‍යාංශයක් පත් කිරීම තුළින් ඔහු පිළිබද ව ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් මොනතරම් විශ්වාසයක් තියලා තියෙනවා ද කියන එකට හොද  නිදසුනක්. කොවිඩ් 19 ව්‍යාසනය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම තිබීම හොදක් වුණා. පාඩුව අවම කරගන්න ගමන් හොද සේවයක් පවත්වාගෙන යා හැකි ජාතික ගුවන් සේවයක් වෙනුවෙන් අපි හැමෝම කැප විය යුතුයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ යන මහත්වරුන් ද මෙහි දී කථා කළහ.

– ප්‍රදීප් අනුර කුමාර
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka