gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

චන්දේ දෙන්න මොලෙත් අරන් යන්න – කුඩු මුදලාලිලා, බාර් මුදලාලිලා, කොමිස් කාක්කන්ට මනාප දෙන්න එපා!

2020 පාර්ලිමේන්තු මහ මැතිවරනයේ චන්ද විමසීම හෙට උදෑසන 7ට ආරම්භවනවා. තවත් වසර 5කට ජනතා නියෝජිතයන් 225ක් තෝරාගැනීම සදහා අපේක්ශකයින් 7000කට අධික පිරිසක් තරග වදින අතර ඒ අතර උගත් බුද්ධිමත් රටට ආදරේ වැඩක් කල සහ වැඩක් කල හැකි සුලු පිරිසක් සමග කුඩු මුදලාලිලා බාර් මුදලාලිලා  කොමිස් කාක්කන් මැරයින් හොරුන් සහ තක්කඩියන් විශාල ප්‍රමානයක් සිටිනා බව නොරහසක්.

කෙසේ වෙතත් ජනතාවට සේවය කරන රටට වැඩක් කරන නියෝජිතයින් පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට මෙවරවත් ජනතාව මොලේ පාවිච්චි නොකලොත් තවත් වසර 5කට 225ට බනිනවා හැරෙන්නට ජනතවට කල හැකි දෙයක් නොමැත. එබැවින් මෙවරවත් මොලේ කල්පනා කර හැමදාම කතිරය ගහන පුරුද්දට කතිරය නොගසා පක්ෂ බේධයෙන් තොරව රට ගොඩගන්නා නව දැක්මක් හා ප්‍රතිපත්තියක් ඇති අපේක්ශකයින් වෙනුවෙන් ඔබේ මනාපය භාවිතා කරන්න.

ඔබ කුඩු මුදලාලිලා, බාර් මුදලාලිලා සහ කොමිස් කුට්ටියට දේශපාලනයකට පරන හොරු ටිකම නැවත පාර්ලිමේන්තුවට යවුවහොත් ඔබ ෆේස්බුක් පෝස්ට් ශෙයා කරමින් කොපමන බැනුම් හා අවලාද නැගුවත් කල හැකි දෙයක් නොමැති බව සිහියේ තබාගෙන හෙට උදේ චන්දපොලට යනවිට අනිවාර්යයෙන් මොලෙත් අරන් යන්න…


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka