පුද්ගල පැහැරගැනීමක් සම්බන්දයෙන් චෝදනා එල්ල වන පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ව අත්අඩංගුවට ගන්නා ලෙස පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියෝ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිති.
අපේ ජන බල පක්ෂයේ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් සගවාගෙන සිටින්නේ රතන හිමියන් විසින් බවද උන් වහන්සේ පැවසූහ.
විමලතිස්ස හිමියන් මන්ත්‍රී ධුරයට නම් කිරීම බලහත්කාරයෙන් ඉල්ලා අස්කරවාගෙන රතන හිමියන් තම නම බාර දී ඇති බවත් උන් වහන්සේ හෙලි කලහ.
විමලතිස්ස හිමියන් පැහැරගෙන යාම සදහා නියොජ්‍ය පොලිස්පතිවරයෙකු, මූලස්තාන පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු පිරිසක්ද සමබන්ධ බව චන්ද්‍රසිරි හිමියෝ කොළඹ පැවති මාධ්‍ය හමුවකදි කියා සිටියහ.
රතන හිමි අත්අඩංගුවට ගන්නැයි කියයි.. විමලතිස්ස හිමි මන්ත්රීකමින් අස්කරවා තමන්ගේ නම යවා ඇත්තේ බලහත්කාරයෙන්..
2020-08-25T23:58:00+05:30
Lanka Hot News