gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

“පැතුවේ කැබිනට් ඇමතිධූරයක්. ලැබුණේ රාජ්‍ය ඇමතිධූරයක්. තවත් කෙණෙහිලිකම් බොහෝමයි.” දයාසිරි ජයසේකර.

මහමැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ සැනින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තරග කර, ජයග්‍රහණය අත්කරගත් මන්ත්‍රීවරු 14 දෙනෙකුගේ නම් ලයිස්තුව, ජ්‍යේෂ්ඨත්වය අනුව පෙළ ගස්වා, පොහොට්ටු පක්ෂය වෙත යොමු කර බව දයාසිරි ජයසේකර මහතා පවසයි.

එමෙන්ම, අමාත්‍ය දූර තුනක් සදහා නම් තුනක් ද තමන් පොහොට්ටු පක්ෂයට යෝජනා කළ බවයි ඔහු පවසන්නේ.

අමාත්‍ය දූර සදහා යෝජනා කළ නම් අතර, නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර සහ තමන්ගේ නම තිබු බව ඔහු පවසයි.

කෙසේ වෙතත්, කැබිනට් අමාත්‍යධූර ලබා දීමේ දී ඔහුගේ නම ඉවත් කර ඇති අතර, ඔහුට ලබා දී ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ධූරයකි.

එමෙන්ම, ජාතික ලයිස්තු මන්ත්‍රී දූර පිරිනැමීමේ දී සලකා බැලිය යුතු පිළිවෙල පැහැදිලි ලෙස පෙළ ගස්වා තමන් පොහොට්ටු පක්ෂයේ ප්‍රධානීන් වෙත ඉදිරිපත් කළ බවද දයාසිරි ජයසේකර පවයි.

ඒ අනුව, මුලටම ඇතුළත් කර තිබුණේ ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසගේ නමයි. එම නව ඉවත් කර, දෙවැනියට තිබුණු නම වන සුරේන් රාඝවන් මහතාට ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය ලබා දී තිබේ.

සන්ඬේ ටයිම්ස් ඇසුරෙනි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka