gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැගසින් බන්ධනාගාරයට කුඩු ගෙන ආ බළලා බොරැල්ල පොලිසියට

හෙරොයින් ඇතුළු තහනම් භාණ්ඩ ගෙලේ ගැට ගසා සිටි කොළඹ මැගසින් බන්ධනාගාර පරිශ‍්‍රයේදී බන්ධනාගාර නිලධාරීන් භාරයට ගත්, බළලා වැඩිදුර විමර්ශන සඳහා බොරැල්ල පොලීසියට භාර දෙන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසනවා.

බේස්ලයින් මාර්ගයේ මැගසින් බන්ධනාගාර පිවිසුම් දොරටුව ආසන්නයේ දි  බන්ධනාගාර බුද්ධි නිලධාරීන් විසින් එම බළලා අල්ලාගෙන තිබුණේ ඊයේ (01) දිනයේදීයි.

එම බළලාගේ ගෙලෙහි බැඳ තිබූ කුඩා පාර්සලයක තිබී හෙරොයින් ග‍්‍රෑම් 1.7 ක්, සිම්කාඞ්පත් 02 ක් සහ මෙමරි කාඞ්පතක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගනු ලැබුවා.

වැලිකඩ බන්ධනාගාරයට පිටතින් තහනම් භාණ්ඩ විසි කරන පුද්ගලයන් කිහිප දෙනෙකු ඉකුත් සති කිහිපය ඇතුළත බොරැල්ල පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඊට විකල්පයක් ලෙස තහනම් භාණ්ඩ බන්ධනාගාරය තුළට රැගෙන යාම සඳහා මෙලෙස බළලෙකු යොදා ගන්නට ඇති බවට අනුමාන කෙරෙන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

මේ අතර මත්ද්‍රව්‍ය රැගෙන යාමට යොදා ගත් බව කියන උකුස්සකු ද පසුගියදා අතුරුගිරිය පොලිසිය විසින් සිය භාරයට ගෙන දෙහිවල සත්වෝද්‍යානයට භාර දීමට පියවර ගැනුණා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka