gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නිරෝෂන් ප්‍රේමරත්න සහ පද්ම උදයශාන්ත පාර්ලිමේන්තුවට ගෙනෙන නාමල්ගේ උත්සාහයට ජනපති හරස්වෙයි!

පසුගිය මහා මැතිවරණයේ දී පරාජයට පත්වූ මාතර නිරෝෂන් ප්‍රේමරත්න සහ මොනරාගල පද්ම උදයශාන්ත ගුණසේකර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ඇමති නාමල් රාජපක්ෂ දැඩි උත්සාහයක් දරා ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නොගැනීම ප්‍රතිපත්තිය වුවද මෙය විශේෂ අවස්ථාවක් ලෙස සලකා කටයුතු කරන ලෙසය.

කෙසේ වුවද ජනාධිපතිවරයා එහි දී පෙන්වා දී ඇත්තේ කෙතරම් දුෂ්කර අවස්ථාවක වුව ද එම ප්‍රතිපත්ති කැඩීම නරක පූර්වාදර්ශයක් බවත් එය ආණ්ඩුවේ කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය පළුදු වීමට හේතු විය හැකි බවය.

නිරෝෂන් මෙන්ම උදයශාන්ත ද 2015 මහින්ද රාජපක්ෂ පරාජයට පත් වූ අවස්ථාවේ සිට යහපාලන ආණ්ඩුවට එරෙහිව සටන් කළ මන්ත්‍රීවරු දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාම විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka