gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනතාව අපිව මෙතරම් ඉහලට ඔසවා තැබුවේ ජනාධිපති තුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විශ්වාස කරලා... රටේ ජනතාවට ස්තූතියි... අපි රට ගොඩනගනවා - ඉන්දික අනුරුද්ධ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විශ්වාසය තබා මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයට විශාල ජයග්‍රහණයක් මෙරට ජනතාව අත්කර දුන් බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක හිටපු නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

මෙවර මැතිවරණය ජාතියේ ආත්ම විශ්වාසය ගොඩනැංවෙන ජයග්‍රහණයක් බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කෙරෙහි විශ්වාසය තබා අප ඉහළට එසවීමට කටයුතු කළ මුළු මහත් ජනතාවට ස්තූතිවන්ත වන බවත් හිටපු නිවාස අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දික අනුරුද්ධ මහතා ‘මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගත් ජයග්‍රහණය ජාතියේ ආත්ම විශ්වාසය නැවත ගොඩනංවන ජයග්‍රහණයක්. පසුගිය ජනාධිපතිවරයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන වැඩි විශ්වාසයක් තබමින් මෙරට 69 ලක්ෂයක ජනතාවක් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ලබා දුන්නා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විශ්වාසය තබමින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී 69 ලක්ෂයකට ආසන්න ජනතාවක් ඡන්දය ලබා දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරා ගෙන ගියා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ රට තුළ
තහවුරු කරන්නට හැකි බව මෙම ජයග්‍රහණයෙන් ලෝකයට අදවන විට ඔප්පු වී හමාරයි.
බලාපොරොත්තු වූවාට වඩා ඡන්ද ප්‍රතිඵලයක් අපට අද ලැබී තිබෙනවා. අපව මේ තැනට ගෙන ඒමටත් මෙවැනි විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමටත් ඡන්දය භාවිතා කළ සියළුම දෙනාට මාගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්තූතිය පුදකර සිටිනවා.

කෝවිඩ් වසංගතය හේතුවෙන් මුළු ලොවම අකර්මන්‍ය වී තිබෙන අවස්ථාවක එයට ශක්තිමත්ව මුහුණ දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හැකිවුණා. එවැනි කාලයකදී ජනතාව කෙරෙහි විශ්වාස තබා අප මේ මැතිවරණය තියන්නට කටයුතු කළා. අපි ජනතාව කෙරෙහි තැබූ විශ්වාසය ඒ අයුරින්ම ජනතාව අප කෙරෙහි තැබුවා.

මෙම මැතිවරණය සෞඛ්‍ය ආරක්ෂිතව ලෝක සෞඛ්‍ය නිර්දේශ අකුරටම ඉටු කරමින් මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමත්, සෞඛ්‍ය අංශත්, ආරක්ෂක නිලධාරීන් ඇතුළු සමස්ත රාජ්‍ය සේවයටම මාගේ ස්තූතිය පුද කරනවා. ලෝකය අද කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් පරාජය වී ඇති මොහොතක ශ්‍රී ලංකිකයන් වශයෙන් අප සියලු දෙනා එක්ව එයට මුහුණ දී මෙම මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අපට ජාතියේ ආත්ම විශ්වාසය ගැන ලොවටම පෙන්වීමට පුළුවන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් මනාප 136,297 ක් ලබා දෙමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තුන්වැනි තැනට පත් කරමින් මා කෙරෙහි තැබූ විශ්වාසයට සියළුම ජනතාවට මාගේ ස්තූතිය හා ප්‍රණාමය පුද කර සිටිනවා. අපේ බලාපොරොත්තු අද යථාර්තයක් බවට පත්ව තිබෙනවා. රටට වැඩක් කරන ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු දැන් අපට සිටිනවා.

මේ රටේ ජනතාවත්, ගම්පහ ජනතාවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනවන්නත් අපව මේ තැනට ගෙන ඒමට විශාප කැප කිරීමක් කළා. අපි අද සිට ආරම්භ කරන්නේ රට ගොඩ නැගීමේ කාර්යයයි.’ යනුවෙන්ද පැවැසීය.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka