gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මා පාර්ලිමේන්තු යා යුතු යයි බොහෝ දෙනා කියනවා.. දෙස් විදෙස් දේශපාලනය ගැන දන්නා මෙරට ඉදිරියෙන්ම සිටින තුන් හතර දෙනා අතරත් මා ඉදිරියෙන්මයි - රතන හිමි

පේ ජන බල පක්ෂයට මෙවර මැතිවරණයේදී හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා නියෝජිතයකු නම් කිරීමේ බලය ඇත්තේ තමන්ට පමණක් යයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කරති.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ තමන් අතර කිසිම අර්බුදයක් නැති බවද උන්වහන්සේ පවසති.

2015 දී ඥාණසාර හිමි මැතිවරණයට තරග වැද ගත් ඡන්ද ප‍්‍රමාණය මෙන් කිහිප ගුණයක් මෙවර ලබා ගෙන ඇත්තේ තනි පුද්ගලයෙකු නිසා නොවන බවත් විශාල පිරිසකගේ කැපකිරීම නිසා බවත් රතන හිමියන් කියා සිටිති.

ඥාණසාර හිමියන් පාර්ලිමේන්තු යා යුතු බව කියන පිරිසක් සිටිනා සේම තමනටද පාර්ලිමේන්තු යන්නැයි කියන පිරිසක් සිටිනා බවත් උන් වහන්සේ පෙන්වා දෙති.

පාර්ලිමේන්තුවේ සිටින දේශපාලනය සම්බන්ධයෙන් දැනුවත් තුන් හතර දෙනා අතර තමන් ඉදිරියෙන්ම සිටින බවද පැවසූ උන්වහන්සේ ජාත්‍යන්තර සහ ජාතික දේශපාලනය ගැන විශාල දැනුමක් තමන් සතුව ඇතැයි ද කියා සිටියහ.

දැනට සැගව සිටින ලේකම්වරයා ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය ගැන සාකච්ඡා කිරීමට පැමිණිය යුතු බව ද උන්වහන්සේ කියා සිටියහ.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.




gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka