හමුදා පොලිස් බලය යොදා තම පන්සලේ බලය ඇල්ලු නිසා තමන්ට ඉන්න හිටින්න තැනක් නැතිව ගිය බවද උන්වහන්සේ පවසති.
තම පන්සලේ සිටි භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකුට පහර දී ඇති බවත් මේ දක්වා ඊට පොලීසිය ක්‍රියාත්මක වූයේ නැති බවත් උන්වහන්සේ කියති.
දෙරණ නාලිකාව වෙත වීඩියෝ පටයක් නිකුත් කරමින් උන් වහන්සේ මේ බව සඳහන් කර තිබේ.
අද වන විට අරඹේපොල රතනසාර හිමි පක්ෂයේ සභාපති වරයා විසින් සිර අඩස්සියේ තබා ගෙන සිටින බව ද උන්වහන්සේ චෝදනා කරති.
උන්වහන්සේ සඟවාගෙන සභාපති වරයා විසින් දැඩිව පහර දී ඇති බව ද මහ ලේකම් හිමියෝ කියා සිටිති.
තමන් මන්ත්‍රී වරයෙක් ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමෙන් පසු එම ධුරයෙන් ඉල්ලා අස්වී ඥානසාර හිමියන්ට එම අවස්ථා ලබා දෙන බවද ඒ සදහා රතන හිමිගේ අනුමැතිය අවශ්‍ය බවද හිමියෝ තව දුරටත් කියා සිටියහ.
