gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අනිල් ජාසිංහ වෙනුවට පත් කල සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්ට විරෝධය.. අභයාරාමයේ මාධ්‍ය හමුවක් !

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්වීමත් සමග පුරප්පාඩු වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වැඩ ආවරණය කිරීම වෛද්‍ය එස් ශ්‍රී ධර්ම මහතා පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

කෙසේ නමුත් සෞඛ්‍යය වෘත්තීය සමිත් පෙන්වා දෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වැනි ස්ථිර තනතුරක් සඳහා සුදුස්සන් ගෙන් අයදුම්පත් කැඳවා ක්‍රියා පටිපාටිය අනුව තෝරා ගන්නා තෙක් වැඩ බැලීම සඳහා පත් කළ යුත්තේ දැනට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන නිලධාරියෙකු බවයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙම පත් කිරීම සම්බන්ධයෙන් තම විරෝධය පළ කරන බව වෘත්තීය සමිති කිහිපයක් විසින් මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට සුදුසු පුද්ගලයෙකු පත්කර ගැනීම සඳහා කඩිනමින් දැන්වීම් පල කර සුදුසු අයෙකු තෝරා පත්කර ගත යුතු බව ද ඔවුන් සදහන් කරති.

මෙම මාධ්‍ය හමුව පැවැත් පැවැත්වූයේ නාරාහෙන්පිට අභයාරාමයේදීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka