gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඡන්ද විමසීම අවසන්.. 71%ක් ප‍්‍රකාශිතයි.. ඡන්ද පෙට්ටි ගණන් කරන මධ්‍යස්ථානවලට ගෙනයයි..

අද පෙරවරු 7.00 ට ආරම්භ වූ පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම මේ වන විට අවසන් වී තිබේ. රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 12985කදී ඡන්ද විමසීම පැවැත්විනි.

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ගෙන යාමට සූදානම් කරමින් ඇති අතර අද රාත‍්‍රිය පුරා ඒවාට දැඩි ආරක්‍ෂාවක් යොදා තිබේ.

අද පැවති ඡන්ද විමසීමේදී සමස්ථයක් ලෙස 71%ක් ඡන්දය ප‍්‍රකාශ කර තිබේ.

ඡන්ද ගණන් කිරීම හෙට පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමසම සඳහන් කරයි.

හෙට මධ්‍යම රාත්‍රියට පෙර මහ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇති බවත් මනාප ප්‍රතිඵල අනිද්දා දිනය අවසන් වීමට ප්‍රථම නිකුත් කරන හැකිවුණු බවත් කොමිසම පැවසීය.

මැතිවරණ කොමිසමේ සංඛ්‍යා ලේඛනවලට අනුව ඒ ඒ දිස්ත්‍රික්කවල ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතය‍

නුවරඑළිය දිස්ත්‍රික්කය – 75%
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 74%
බදුල්ල දිස්ත්‍රික්කය – 74%
මොනරාගල දිස්ත්‍රික්කය – 74%
වන්නි දිස්ත්‍රික්කය – 73%
රත්නපුර දිස්ත්‍රික්කය – 73%
හම්බන්තොට දිස්ත්‍රික්කය – 73%
මඩකලපුව දිස්ත්‍රික්කය – 72%
දිගාමඩුල්ල දිස්ත්‍රික්කය – 72%
කොළඹ දිස්ත්‍රික්කය – 72%
කළුතර දිස්ත්‍රික්කය – 71%
මහනුවර දිස්ත්‍රික්කය – 71%
මාතලේ දිස්ත්‍රික්කය – 71%
මාතර දිස්ත්‍රික්කය – 71%
අනුරාධපුර දිස්ත්‍රික්කය – 71%
පොළොන්නරුව දිස්ත්‍රික්කය – 71%
කෑගල්ල දිස්ත්‍රික්කය – 71%
ගම්පහ දිස්ත්‍රික්කය – 69%
ගාල්ල දිස්ත්‍රික්කය – 69%
යාපනය දිස්ත්‍රික්කය – 69%
කුරුණෑගල දිස්ත්‍රික්කය – 69%
පුත්තලම දිස්ත්‍රික්කය – 63%
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka