gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ගේ මයිලක කැපෑසිටියක්වත් සජිත්ට නෑ.. අවුරුදු 25ක්වත් විපක්‍ෂයේ ඉන්න වෙයි..- විපක්‍ෂයේ පක්‍ෂ නායකයෙක් ආණ්ඩුවේ බලවතෙකුට කියයි..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්ව හැකියාව ඉතාම දුර්වල බව විපක්ෂයේ සුළු පක්ෂ නායකයෙකු විසින් සඳහන් කර ඇත.
ආණ්ඩුවේ ප‍්‍රධානියකු සමග ඔහු මේ බව සදහන් කර ඇත්තේ නව පාර්ලිමේන්තුව සැසැයි විවෘත කල දිනයේදී සිදු කල සුහද සාකච්චාවකදීය.

රනිල් වික්‍රමසිංහ මහතාට පක්‍ෂය දිනවාගන්නට ජනප්‍රසාදය නැති නමුත් ඔහුගේ දේශපාලන නායකත්වයෙන් මයිලක තරම් හැකියාවක් වත් සජිත් ප්‍රේමදාස මහතා නැතැයි ඔහු සඳහන් කර ඇත.

ඒ තත්ත්වය මත විපක්ෂයේ සමග ඉදිරි ගමන කොහෙන් අවසන් වේ දැයි සිතාගත නොහැකි බවත් ආණ්ඩුවට බලපෑම් සහගත ව මැදිහත් වන්නේ කෙසේදැයි විපක්ෂනායක කිසිදු දැක්මක් නැති බවත් ඔහු පවසා ඇත.

මේ ආකාරයෙන් ගියොත් වසර පහක් නොව තවත් වසර 25 ක් වුව ද විපක්ෂයේ සිටීමට හිත හදා ගත යුතුව ඇතැයි ද ඔහු සඳහන් කර තිබේ.

ඉදිරියේදී අවශ්‍ය අවස්ථාවක ආණ්ඩුවට සහාය දීමටත් තමන් අකමැත්තක් නැති බවද ඔහු තවදුරටත් සඳහන් කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka