තලවකැලේ ලිදුල පොලිස් වසමට අයත් බඹරකැලේ වත්තේ මැද කොටසේ වතු නිවාස පේලියක හටගත් ගින්නට හේතුව විදුලි කාන්දු විමක් බවට සැකකරන බව ලිදුල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පැවසිය. බඹරකැලේ වත්තේ මැද කොටසේ වතු නිවාස පේලියක හටගත් ගින්නෙන්
වතු නිවාස 24 ක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බවත් , ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වි නොමැති බවත්, ගින්නෙන් අවතැන් වු පවුල් 24 කට අයත් සමාජිකයන් 60 දෙනෙකු පමණ තාවකාලිකව එම වතු යායේ ප්‍රජා ශාලාවේ නතර කර ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
ගින්නෙන් එම වතු කම්කරුවන්ට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය , වටිනා ලියකියවිලි , පාසල් ළමුන්ගේ උපකරණ සහ පෙලපොත් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති අතර , පැතිර ගිය ගින්න ලිදුල පොලිසියේ නිලධාරින්, වතු කම්කරුවන්, වතු පාලන අධිකාරිය එක්ව පැය තුනකට ආසන්න කාලයක් දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරිමට සමත් වි ඇත.
එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාස වලට ක්ෂණිකව පැතිර ගොස් ඇත.
කදු මුදුණේ පිහිටි එම වතු නිවාස පේලිය ආසනනයට ගිනි නිවන රථ යාමට නොහැකි නිසා ගින්න පාලනය කිරිමට මදක් ප්‍රමාද වු බවත් , ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවත් , ලිදුල පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.
ගින්නෙන් අවතැන් වුවන්ට අවශ්‍යය ආහාර පාලන සහ යටිතල පහසුකම් ලබා දිමට වතු පාලන අධිකාරිය කටයුතු කර ඇත.
– හැටන් රංජිත් රාජපක්ෂ
නිවාස පෙලක් ගිනිගනී.. නිවාස 24ක් මුලුමනින්ම විනාශයි..
2020-08-11T19:08:00+05:30
Lanka Hot News