ශ්රී ලංකා පොදුජන පෙරමුණු නව රජයේ ඇමති මණ්ඩලය එළඹෙන සදුදා දිනයේ දිවුරුම් දීමට නියමිතය.
මහනුවර මඟුල් මඩුවේදී දිවුරුම් දීමට සැලසුම් කර ඇති මෙම ඇමති මණ්ඩලය 26 දෙනකුට සීමාවනු ඇතැයි රජයේ රජයේ ආරංචි මාර්ග කියා සිටියි.
මහින්ද රාජපක්ෂ මහතා අග්රාමාත්යවරයා ලෙස 09 වැනිදා නැවත දිවුරුම් දෙනු ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
එළඹෙන 20 වෙනිදා නව පාර්ලිමේන්තු සැසිය ආරම්භවීමට නියමිත බව ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයකින් ප්රකාශ කර තිබේ.
අගමැති 09 වෙනිදා දිවුරයි.. කැබිනට්ටුව 10.. ඇමතිලා 26යි..
2020-08-07T20:38:00+05:30
Lanka Hot News