gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හොරකම් කළ අය නිදහස් වෙද්දී බලන් හිටිය අයද හිරේ යන්නේ - මේ මොන නීතියක්ද ? සුජීව අසයි (VIDEO)

බැඳුම්කර ගණුදෙනුව සිදුවන විට වාණිජ බැංකු පැවතියේ රවී කරුණානායක මහතා භාරයේ වන අතර එවැනි තත්ත්වයක රවී කරුණානායක මහතා අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබා ගන්නේ කෙසේදැයි සමඟි ජන බලවේගයේ අපේක්ෂක සුජීව සේනසිංහ මහතා විමසුවේය.

දැන් සිදුවෙමින් තිබෙන්නේ හොරකම කළ අය නිදහස් වී වටේ බලාගෙන සිටි අයට චෝදනා එල්ල වීම බවයි සේනසිංහ මහතා සඳහන් කළේ.

වාණිජ බැංකු රවී කරුණානායක මහතා යටතේ නොතිබුණා නම් නීතිපතිවරයා ඔහුට එරෙහිව අධි චෝදනා ගොණු කරන්නේ ඇයිදැයි යන්න ද ඔහු ප්‍රශ්නයක් මතු කළේය.

මෙම තත්ත්වය මත ආන්දෝලනාත්මක බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් පෙනෙන්නට නැති බවද හෙතෙම අවධාරණය කරන ලදී.

ඒ ගැන පොතක් ලිවීමේ වරදට තමන්ට ද පහර දෙන්නට වූ අතර තමන්ගේ මතය ප්‍රකශ කිරීමට හෝ ඉඩක් නොලැබුණු බවත් මාධ්‍ය ජුන්ටාව ක්‍රියාත්මක වූ බවත් ඔහු කියා සිටියේය.

කෙසේවෙතත් රටේ දේශපාලනය හා අධිකරණය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු වන අතර එසේ නොවුණ හොත්  එය භයානක තත්ත්වයක් වන බවයි සේනසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ.

සුජීව සේනසිංහ මහතා මෙම අදහස් පළකළේ අද (08) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka