Lanka Hot News ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන සැමට ජාති ආගම් බේදයකින් තොරව මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (08) කුරුණෑගල දිස්ත්‍රික්කයේ දී පැවති ජනහමුවකට එක්වෙමින්ය.
“මුස්ලිම් ජාතියෙන්ම පළිගැනීම සුදුසු නැහැ, මම කියන දේ කෙලින්ම කියනවා. එක එක ප්‍රහාර එල්ලකරනවා. කාඩ්බෝඩ් බෞද්ධයන්ට බය නැහැ, මම නිර්මල සුපිරි බෞද්ධයෙක්. ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන හැමටම මරණය දඬුවම ක්‍රියාත්මක කරනවා“ යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මම කාඩ්බෝඩ් බෞද්ධයන්ට බය නැහැ - මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා - සජිත් ප්‍රේමදාස (video)
2020-07-10T02:49:00+05:30
Lanka Hot News