gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජපක්ෂලාට යුද්දෙ ලාබෙට හම්බුණා, හිතුවෙවත් නෑ මාවිල් ආරුවත් බේරගන්න කියලා - ෆොන්සේකා

මන් ඇතුළු හමුදාවේ ක්‍රියාකාරීත්වය මත ලද යුධ ජයග්‍රහණය රාජපක්ෂලාට ලාබෙට ගත් බවත් ඔවුන්ට මාවිල් ආරුවවත් බේරාගැනීමේ අදහසක් මුලදී නොතිබුණු බවත් හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

"සාම්පූර් ඇල්ලුවා කිව්වා, කියලා කේක් එකක් කැපුවා කිලෝ 20යි. ඊළඟට අපි 2007 ජුලි 25 වෙනකොට මං නැගෙනහිර අල්ලලා ඉවර කළා. එතකොට අපිට කේක් එකක් කැපුවා මෙච්චර විතර. ඊට පස්සෙ යුද්ධෙම ඉවර කළා අවුරුදු දෙකයි මාස නවයකින්, කුම්භාණ්ඩයා කේක් එකක් කැපුවා මෙච්චර විතර ඇති කිලෝ එකක් නෑ !

ඔන්න රාජපක්ෂ ! යුද්ධෙ ලාබෙට හම්බවුණා. හිතුවෙවත් නෑ මාවිල් ආරුවවත් බේරගන්න කියලා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ ඊයේ (29) පැවති සමගි ජන බලවේගයේ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka