එහි සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පෙන්වා දෙන්නේ ඔවුන් ලංකාවට ගෙන්වා නොගැනීම හේතුවෙන් එහි දී මරණයට පත්වී ඇති බවයි.
එනිසා එසේ මියගිය 40ට ශ්‍රී ලංකා රජය වගකිව යුතු බවත් ඔවුන් ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ප්‍රමාණයට එකතු කළ කරන්නේදැයි රජය විසින් පැහැදිලි කිරීමක් කළ යුතු බවත්ය.
මෙරට ප්‍රජාව තුළින් ආසාදිතයන් වාර්තාවීම සම්පූර්ණම පාලනය කළේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කරන ප්‍රකාශයන් පිළිගත නොහැකියැයි ද පැවසූ ඔහු රට පුරා තැනින් තැන ආසාදිතයන් වාර්තා වන බවද කියා සිටියේය.
කොරෝනා පරීක්ෂණ නොකිරීමේ වාසිය සෞඛ්‍ය ක්ෂෙත්රය විසින් ලබා ගන්නේ දැයි සැක සහිත යයිද ඔහු පැවසීය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
