gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මිනිස්සු අතට සල්ලි දුන්නම ඉබේම රටේ ආර්ථිකය ඉහල යනවා - සජිත්

ද වන විට ආර්ථිකය බරපතල කඩා වැටීමක් තියනවා. සමස්ථ ආර්ථිකයම කඩා වැඩිල ව්‍යාපාර වෙළදාම අකර්මන්‍ය වෙලා මුලු ආර්ථිකයම එකතැන පල්වෙන මට්ටමකට පත්වෙලා.ලෝකයේ අනෙකුත් රටවල් බොහෝ විට මේ වගේම කඩා වැටීමකට ලක්වෙලා. ඒ රටවල් ක්‍රමාණුකූලව නැගී එනවා. මොකක්ද හේතුව ඒ රටවල ආණ්ඩු ඒ රටේ මිනිස්සුන්ගේ අතට මුදල් සම්පත් ලබා දෙනවා .
සල්ලි ලබා දෙන කොට ඒ සල්ලි පාවිච්චි කරනවා ආයෝජනයට,පාරිභෝජනයට,ඉතිරිකිරීමට, මේ නිසා ඉබේටම ආර්ථිකය ඉහල යනවා. යයි සමගි ජන බල වේගයේ නායක සජිත් පේමදාස මහතා කීය.

සජිත් පේමදාස මහතා මෙම අදහස් පල කර සිටියේ 28 දා පස්වරුවේ කොළොන්නේ දී පැවැති ජන රැලියක් අමතමිණි.

මෙහිදී වැඩිදුරටත් කතාකල සජිත් පේමදාස මහතා,

මම ඔබතුමාලට පොරොන්දුවක් වෙනවා ජන සමාජයේ අසරණම ජන කොට්ඨාශයට ආර්ථිකය ඉහලට එනකම් පවුල කට 20000 බැගින් ලබා දෙනවා. ජන සවිය වගේ අපි ඉලක්ක කරල මේ 20000 ලබා දෙන්නේ

කවුරු හරි හිතාගෙන ඉන්නවනම් මේ විසිදාහ අරගෙන ලගම තැබෑරුම හොදම තැබෑරුම කියල ඒවා කරන්න බැහැ කරන්න දෙන්නෙත් නැහැ. අනිවාර්යෙන්ම පවුලේ සුබ සාධනයට පමණයි එක තඹ සතයක්වත් අයුතු වැඩ වලට වියදම් කරන්න අපි දෙන්නේ නැහැ.

අපි අපේ රටේ සමගි  ආණ්ඩුව පිහිටුවන විට රටේ තේල් මිල පැය විසිහතරෙන් පහත දානවා. මේ නිසා අත්‍යාවශ්‍ය දේවල් වල මිල අඩුවෙලා මිනිස්සුන්ගේ අතේ සල්ලි ඉතිරිවෙලා ඉබේම මින්ස්සුන්ගේ ආර්තිකය ඉහල යනවා.

මම කියනවා නොයෙකුත් කණ්ඩායම් පනෙසායෙකුත් දේ කියයයි. අපි බවුලකට 20000 දෙනවා දෙනවාමයි. ආණ්ඩුව කරනවා කියපු එකම දෙයක්වත් කරල නැහැ.සමගි ආණුඩවක් යටතේ අපි මාර්තු විදුලි බිලත් අප්‍රේල් විදුලි බිලත් අනිවාර්යෙන්ම අපි ලබා දෙනවා.

සමෘද්ධියත් සමග ජනසවිය දෙනවට වඩා තුන්දාහේ මල්ල ජනතාව විස්වාස කලා. ලැබුනේ නැහැ. මෙවර නියත වශයෙන්ම දුරකතනය ජයග්‍රහණය කරනවා. එතකොට අපි නියත වශයෙන්ම ජනසවියත් සමෘද්ධියත් දෙකම ක්‍රීයාත්මක කරනවා.

මිත්‍රවරුණි කොළොන්න බල ප්‍රදේශයේ බහුතරයක් ගම්මිරිස් වගාව ක්‍රීයාත්මක කරන ගොවි ජනතාව ඉන්නේ. අපේ රජය යටතේ ගම්මිරිස් මිල 650යි. පසුගිය ජනාධිපතිවරණය වෙලාවේ කතාකලේ ගම්මිරිස් ගැනමයි දැන් කීයද ගම්මිරිස් මිල. කොළොන්නේ ජනතාව පොදිය පිටින් දුන්නනේ ගම්මිරිස් මිල වැඩිකරගන්න. දැන් කීයද ගාන. කොළොන්නේ ජනතාව විශාල ඡන්ද ප්‍රමාණයක් මාගේ ප්‍රතිවාදියට ලබා දුන්නා. ගම්මිරිස් මිල නග්ග ගන්න.දැන් ඔබලා රැවටුනා ඇති. මම බලයට ආවට පස්සේ අනිවාර්යෙන්ම මීට වඩා උසස් මිලක් ලබා දෙන්න මම පොරොන්දු වෙනවා.

අද මේ රටේ ජනතාව වහල්ලුන් හැටියට සලකන්නේ.එවන් රජයක් තමයි නිර්මාණය කරන්න හදන්නේ. බොරුව පරාජය කරල සත්‍ය දිනවන්න. ගොවි ජනතාව අපි ඒකාන්තයෙන්ම රකිනවා. ශුද්‍ර මූල්‍ය ණය වලට යටවුන කාන්තාවන්ට යම් සහනයක් ලබාදෙන්න අපි කටයුතු කරනවා. දැන් සල්ලිවලටවත් පොහොර නැහැ. අද ලෝකයටම පෙන්වන්නේ ගම්මිරිස් මිල හොදයි හැමදේම තියනව කියනවා.

පොහාට්ටුවේ නිර්මාතෘ කියපු කතාව ඔබ ඇහුවද? ඒයා කියනවා. මේක මාධ්‍ය වල දැම්මේ නැත්නම් හොදයි කියනවා. බැසිල් කියනවා මේ රටේ ජනතාව මහා කම්මැලි ජනතාවක් කිය. එයා කියනවා වට්ටක්ක පතෝල අවශ්‍ය වෙන්නේ අවමගල්‍ය උත්සවය  වලට පමණයි කියල. ඇත්තද ගොවිජනතාව කම්මැලිද අලසද,  මේවා වාර්තා කරන්න එපාලු. කවුරුත් සැකයක් ඇති කරගන්න එපා අපි මේ පාර දිනනවා. අද ගොවි ජනතාවනම් ඉවරයි. මහා වහල් මානසිකත්වයක් මේ රට පාලනය කරන අයට තියෙන්නේ. මේ රටේ ජනතාව වහල්ලුන් හැටියට ඒ අය හිතන් ඉන්නේ.

මෙම අවස්තාවේදී තලතා අතුකෝරල, හේෂාන් විතානගේ, බී.ආරියවංශ ඇතුලු රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂකයන් රැලිය ආමන්ත්‍රණය කරන ලදී.

– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka