gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනතාව අද කෑම නැතිව බඩගින්නේ.. මට බලය දුන්නොත් දහදාහක් දෙනවා - රනිල් වික්‍රමසිංහ

‘ජනතාවට සහන ලබාදෙන බව පවසමින් බලයට පැමිණි වර්තමාන රජය මේවනවිට ජනතාවට අත්කරදී ඇත්තේ බලවත් පීඩනයක්. අදවනවිට සංචාරක ව්‍යාපාරය මෙන්ම අපනයන ක්ෂේත්‍රයද කඩාවැටිලා එයින් යැපුන දසලක්ෂයකට වඩා අධික පිරිසකට රැකියා අහිමිවෙලා.  මෙම තත්වය තතවත් උග්‍රවෙනවා විදෙස් ශ්‍රමිකයින්ට ආපසු එන්න වුනොත්.
මේවා විසදීමට ක්‍රමවත් සැලැස්මක් රජයට නැතැයි අපි මෙම කර්මාන්තය රැක ගන්න එවැනි කර්මාන්ත වලින් රැකියා අහිමි වුවන්ට මාසකට රුපියල් දසදහසක ආධාරයක් දෙනවා’ යයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ මාතලේ දිස්ත්‍රික්යෙන් මෙවර පැවැත්වෙන මහ මැතිවරණය සදහා තරඟ වදින එක්සත් ජාතික පක්ෂයේ මංත්‍රීධුරාපේක්ෂකයන්ට සහය දැක්වීමට දඹුල්ලේ කංඩලම පාරේ සන්නස හොටලේයේදි පැවති ප්‍රචාරක රැළියකට සහභාගිවෙමිනි.

වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද සදහන් කලේය.

‘කොරෝනා වෛරසය පැතිරයාම නිසා රටේ සංචාරක ක්ෂේත්‍රය පමණක් නොව අපනයන ව්‍යාපාරද කඩාවැටුනා. මෙයින් සිදුවුයේ රටේ විරැකියාව උග්‍ර අතට පත්වීමයි. එයින් දසලක්ෂයකට පමණ රැකියා අහිමිවි ජීවත්වීමේ මං ඇහිරී ගියා.මෙම තත්වය විසදීමට රජයේ විධිමත් වැඩපිලිවෙලක් නෑ. මේ ආණුඩුවට එවා පලනය කරන්න දැක්මක් නැහැ අද වන විට සේවකයෝ බඩ ගින්නේ ඉන්න තත්වයට පත්වෙලා. එපමණක් නොව ජනජීවිතයද අවුලෙන් අවුලකට පත්වෙලා. එදා මේ ආණ්ඩුව ජනතාව විසින් පත්කර ගත්තේ  ජනතාව විස්වාසයෙන්  ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටුකර ගැනීමටයි. නමුත් ඒ කිසිවක් ඉටුකිරීමට රජයට අද නොහැකිවී තිබෙනවා.  ජනතාව එයින් පීඩාවට පත්වෙලා.

මෙවැනි අවස්ථාවන්හීදි විදෙස් රටවල් අනුගමනය කරනු ලබන ක්‍රියාදාමයන් අපගේ අවධානයට යොමුවිය යුතුයි. ඕස්ට්‍රේලියාව වැනි රටවල් එක්පවුලකට ඩොලර් තුන්දහසක සහනයක් මෙවැනි ආපදා අවස්ථාවන්හිදි ලබාදී තිබෙනවා.. නමුත් මේ ආන්ඩුව කලේ ලයිටිබිල වතුර බිල වැඩි කරපු එක  හැබැයි බලයට ආවේ ජනතාව ගැන හිත ජනතාව වෙනුවෙන්  දුක්වෙන , දිවිනසාගන්න ආණ්ඩුවක් කණ්ඩායමක් විදියට  එහෙත් දැන් වෙලා තියෙන්නේ ජනතවට දිවි නසා ගන්න කියලා තමන් ජිවත් වෙන එක. ඇමැරිකාව එංගලන්තය වැනි විදෙස් රවල්වල  මේ දිනවල සමාගම්වල රැකියා සුරක්ෂිත කරන්න වැඩ පිලිවෙලවල් ඉදිරිපත් කරනවා   එපමණක් නොවේ විදෙස් රටවල  වෙනත් සහනයන්ද ජනතාවට එම රජයන් විසින් ලබාදුන්නා. නමුත් වර්තමාන රජය එවැනි වැඩපිලිවෙලකට මෙතෙක් ගොස් නෑ. මෙය කණගාටුවට කරුණක්.

විදෙස් රටවල් එසේ ජනතාවට සහන සලසනවිට වත්මන්  ශ්‍රීලංකා රජය කලේ විදුලි බිල මෙන්ම වතුර බිලද වැඩිකර ජනතාව අසහනයට පත්කිරීමයි.  දඹුල්ල  ඇතුලු බොහෝ නගර වල ව්‍යාපාර බිද වැටිලා වෙලද සැල්  නගර පාලුවට ගිහින් ඒ විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය බිද වැටිම නිසාවෙන් දඹුල්ල ප්‍රදේශයේ ජනතාව අසීමිත පිරිසක් සංචාරක ව්‍යාපරය ආශ්‍රිත සෟජුහා වක්‍ර ව්‍යාපාර වල නිරතවුනා අද එවා ඇහිරිලා.  ඒවගේම ඇගලුම් කර්මන්තය ආශ්‍රිත රැකියා කරපු අයගේ ව්‍යාපාරද ඇහිරිලා  එවායේ සේවයේ නිරතවුවන් අද මොකද කරන්නේ .  එවක එක්සත් ජාතික පක්ෂයේ  ජේ ආර් ජයවර්ධන පාලන සමයේදි අපි සංචාරක ව්‍යාපාරය හා ඇගලුම් කර්මාන්ත ඇතිකලේ. අපි වෙළද කලාප ඇදැම්මා මම කර්මාන්ත ඇමැති විදියට ජනපති ආර් ප්‍රේමදාස මහතා එක්ක එකතුව ඇගුලුම් කර්මාන්තශාලා දේසියක් (200)  ඇතිකලා.  මේ වගේස දේශිය කර්මාන්ත ව්‍යාපාර බිද වැටේන නොදි රැක ගතු යුතුයි ..  මේවා අද රැක ගත්තොත් හෙට අනාගතයේදි අපි රැකෙන්නේ මන්ද මෙම කර්මාන්ත ආශ්‍රිත පුහුණු ශ්‍රමිකයින් නැතිව කරගෙන යන්න බැහැ වුන් ඇගු ඇති වසර ගනනාවක පල පුරුද්ධ නිපුනාව එකවැර ගන්න බැහැ එබවින් ලොකය රට යම් ආරක්ෂිත තත්වයකට එනකම් එවුන්ව රැකගන්න කටයුතු කල යුතුයි. ඒ අනුව දැනට ජනතාව පත්ව ඇති තත්වයෙන් ඔවුන් ගොඩගැනීම සදහා යම්තරමක සහනයක් ඔවුන්ට ලබාදීම අත්‍යවශ්‍යයයි. එබැවින් මෙම තත්වයෙන් ගොඩඑන තුරු අවම වශයෙන් මාසිකව යම්කිසි සහනාධාරයක් ඔවුන්ට ලබාදිමට වගකිවයුතු රජයක් ක්‍රියාකල යුත්තේ රටේ අනාගතය ගැන හොදහැටි හිතාබලායි.එසේ නොවුවහොත් එහි ප්‍රතිවිපාක විදීමට සිදුවන්නේ  අනාගත අසරණ ජනතාවටයි. එබැවින් රටේ ආර්ථිකය ගොඩගැනීමට විධිමත් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කලයුතුයි. එසේ කිරීමෙන් ගෙදර ආර්ථිකයද නංවාලිය හැකියි.

එදා 2015 වසරේදි අපි බලයට එනකොට වැටුන ආර්ථිකය නන්වන්න මේරටේ රජයේ සේවක වැටුප දසදහසකින් (10000)   වැඩිකලා. එසේ කලේ එවකට රජයේ සේවකයා ලැබු වැටුප කිසිසේත්ම ප්‍රමාණවත් නොවු නිසයි. ඒ මාර්තු මාසයේදි අප්‍රේල් වෙන කොට ඹවුන් නගර වලට ගිහින් බඩු මිලදි ගත්තා ජනතාව අතරට සල්ලි යැව්වේ එහේමයි.  නමුත් වර්තමාන රජය ගතවු මාස කීපයතුල රජයේ සේවකයාට  ජනතාවට ලබාදී ඇති සහනය කුමක්ද?.එය ඔවුන්ම සිතා බැලිය යුතුයි.

එදා මේ රටේ අපනයන කර්මාණ්තය වැඩිදියුණු කිරීම සදහා ඇඟලුම් කර්මාණ්තය වැඩිදියුණුකිරීමට එවකට පැවති රජය කටයුතුකලා. එහි ප්‍රතිඵලයක් වශයෙන් විරැකියාවෙන් පෙලුන විශාල පිරිසකට රැකියා අවස්ථා බිහිවුනා.ජනතාවගේ ආර්ථිකයද යම්තරමකට ශක්තිමත්වුනා. නමුත් අදවනවිට ඒ සියල්ලම බොඳවී ගොස් තිබෙනවා.මෙය ජාතියේම අවාසනාවක්.

ඇතිවි ඇති තත්වය හමුවේ  රැකියා සුරක්සිත කරන්න විවිධ කර්මන්ත ආරක්ෂා කරන්න වැඩ පිලිවෙලක් අවශ්‍ය වෙනවා අපි යොජනා කරලා තියේනවා.  අද වනවිට සංචාරක ව්‍යාපාරය මෙන්ම  ඇගලුම් කර්මාන්ත අපනයන ක්ෂේත්‍රයද කඩාවැටිලා එයින් යැපුන දසලක්ෂයකට වඩා අධික පිරිසකට රැකියා අහිමිවෙලා. මේවා විසදීමට ක්‍රමවත් සැලැස්මක් රජයට නැතැයි අපි මෙම කර්මාන්තය රැක ගන්න එවැනි කර්මාන්ත වලින් රැකියා අහිමි වුවන්ට මාසකට රුපියල් දසදහසක ආධාරයක් දෙනවා ඒ විතරක් නොවේ කර්මාන්ත හිමියන්ට එයින් නැගි සිට්න්නද අතදිම කලයුතුයි  කර්මාන්ත කරුවන්ට මුදලින් ආධාර කලයුතුයි  ඒය ළාභයක් ඉලක්ක කරගෙන නොවේ කලයුතුම කර්යක් බවට පත්රගත යුතුයි.

ලොකයේ බොහෝ රටවල ජනතාව ගෙවල් වල ඉන්නේ එවැනි සමයක සංචාරක කර්මාන්තය ඉලක්ක කරගෙන ප්‍රචාරක ව්‍යාපාරයක්  ආරම්භ කල යුතුයි නැතිනම් ඔුවන්ට මෙරට අමතක වෙනවා . විවිධ ව්‍යාපාර හා කර්මන්ත රැකගැනිමේ දැක්ම උවමනාව තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ රජයකට පමණි .   එනිසා මෙරට කර්මාන්ත ව්‍යාපාර  ආරක්ෂා කරගන්න ආර්ථිකය ගොඩ නංවන්න  පුලුවන් වන්නේ එජාප රජයකට පමණි. මිනිසුන් ජිවත් කරවමින් මිනිසුන් අතරට සල්ලි යවමින් ආර්තිය නැන්විම කල යුතුයි මේ රජය ණය වෙලා දැන් ණය ගන්න තැනක් නැතිව ඉන්නේ  කොරොනා පාලනයට ගෙදර අරිථිකය හදන්න වැඩ පිලිවෙලක් ඇත්තේ අපේ ලක්ෂයට දැන්  අපේ රටට විදේශ විනිමය නැහැ විදේහ සංචිත බිලියන 7000කින් අඩු වෙලා අපිට රටේ  ආර්තිකය නන්වන්න නම්  මේ නිසා මෙරට රන් මිල වැඩි වෙලා . එහෙත් වත්මනේ බහුතරය දන්නේ රන් මිලදි ගන්න නොවේ තියෙන එක උකස් කරමින් ජිවත් වෙන්න  ඒ ක්‍රමය නැවැත්මට  කටයුතු කල යුතුයි.

එබැවින් රටේ ආර්ථිකය වැඩිදියුණුකර රට සුරක්ෂිත කිරීමට හැකි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂයවන බැවින් මෙවර මහ මැතිවරණයේදි එය ජයග්‍රහණය කරවීමට සැමගේ සහය අවශ්‍ය බව වික්‍රමසිංහ මහතා අවසාන වශයෙන් පැවසීය.

මෙම අවස්ථාවේදි හිටපු පාර්ලිමේන්තු මංත්‍රීවරුන්වන සමන් රත්නප්‍රිය ‍, රෝහිණි කවිරත්න සහ මාතලේ දිස්ත්‍රික් මංත්‍රීධුරාපේක්ෂක ප්‍රියාන් විජේරත්න යන මහත්ම මහත්මීන්ද කථාකලහ.

– මහින්ද උදයසිරි රත්නායක දඹුල්ල
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka