gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු හා ටෙලිකොම් අතර ගනුදෙනු සොයන්නැයි ඉල්ලීමක් !

පාස්කු ඉරිදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ ඉන්සාෆ් අහමඩ්ට අයිති කොලොසස් (පුද්ගලික) වෙත තඹ ලබාදීම නිසා රජයේ ආයතන කිහිපයක විශේෂ අනුග්‍රහයක් ඔහුට ලැබී ඇද්දැයි බරපතල සැකයක් මතුව ඇති බව බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක, එම්.ජේ.එම්. ෆායිස් මහතා පවසනවා.

මෙම චෝදනාවට අදාල ලිපි කිහිපයක් ඔහු මාධ්‍යයට යොමු කර සිටියා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සමයේ ආරක්ෂක අමාත්‍යංශයේ කාර්‍ය මණ්ඩලය විසින් කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් කොලොසස් (පුද්ගලික) සමාගම වෙත තඹ මෙට්‍රික් ටොන් 500ක් ලබා දෙන මෙන් ඉල්ලා ඇති බව ඔහු පවසා සිටිනවා

එමෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්ෂක) විසින් ලිපියක් යොමු කරමින් හිස් තඹ පතොරම් කොපු කිලෝ 1000ල් කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් ලබා ගන්නා ලෙසට දන්වා ඇති බවත් එම මහතා පවසනවා

එමෙන්ම, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ශාන්ත බණ්ඩාර මහතා විසින් කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යවමින් කොලොසස් (පුද්) සමාගම ඉල්ලුම් කර ඇති අබලි තඹ මෙට්‍රික් ටොන් 500 ක් ලබාදීමට අවශ්‍ය කටයුතු කර දෙන ලෙසට ඉල්ලා ඇති බවත් එම්.ජේ.එම්. ෆායිස් මහතා පවසනවා

තවද ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් මෙට්‍රික් ටොන් 1000ක භූගත රැහැන් තොගයක් ලබාදී ඇති බවද එවකට ටෙලිකොම් සභාපති විසින් නිකුත් කර ඇති බවද එම මහතා පවසා සිටිනවා.

එම්.ජේ.එම්. ෆායිස් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, නියෝජ්‍ය පොලිස්පති, නුවන් වෙදසිංහ වෙත ලිපියක් යොමුකරමින් කොලොසස් (පුද්ගලික) සමාගමට වැඩි වැදගත්කමක් ලබා දී ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් ඇතුළු රජයේ ආයතන සහ ඉන්සාෆ් අහමඩ් අතර සෘජු හෝ වක්‍ර සම්බන්ධතා තිබුනේ ද යන්නත් එම අරමුදල් ත්‍රස්තවාදය සඳහා යොදා ගත්තේද යන්නත් විමර්ශනය කරන ලෙසට ඉල්ලා ඇත.

තත්වය මෙසේ දිබියදී ඒ පිළිබඳව පරීක්ෂණ නොකර එක් දේශපාලඥයකු ඉලක්ක කර ඔහුගේ දේශපාලන ගමනට හානි වන අයුරින් කටයුතු කරන්නේ මන්ද යැයි මහතා විමසා සිටියි

මෙම මියගිය පුද්ගලයන්ට සාධාරනයක් ඉටු වන්නට නම් පරීක්ෂණ සාධාරණව සිදු විය යුතු බවත්ීට සහය වීම උදෙසා මෙම ලේඛණ භාරදීම සිදු කළ බවත් එම මහතා කියා සිටියි.

























































එම්.ජේ.එම්. ෆායිස් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, නියෝජ්‍ය පොලිස්පති වෙත යොමු කළ ලිපිය
































ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ඒ.එන්.ආර් අමරතුංග මහතා විසින්, කොලොසස් (පුද්ගලික) සමාගම විසින් ඒවා තිබු ලිපිය































ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්ෂක) විසින් කොලෝසස් සමාගමේ කළමනාකරු වෙත යොමු කළ ලිපිය
































ශාන්ත බණ්ඩාර මහතා විසින් කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට යොමු කළලිපිය
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka