gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිවරණ ජයගෙන මැතිවරණ කොමිසමේ බලතල අඩු කරනවා - මහින්දානන්ද

මැතිවරණ ජයග්‍රහණයෙන් පසු මැතිවරණ කොමිසම සතු බලතල අඩු කිරිමට තිරණයක් ගන්නා බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහත පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ මැතිවරණ ප්‍රචාරක කටයුත්තකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ

ලංකානු දේශපාලනයේ තනි පක්ෂයක් 2/3 බලයක් ලබා ගන්න ප්‍රථම අවස්තා මෙවර මහ මැතිවරණයයි.

ජේ.ආර්.ජයවර්ධන මහතා මේ මැතිවරණ ක්‍රමය හදනා තියෙන්නේ 2/3 බලයක් ලබා ගන්න බැරිවෙන්න.

හැබැයි අපිට 2/3 බලය ලබා ගන්න වටපිටාව සකස් වෙමින් තියෙනවා.

ඒකට හේතුව වත්මන් ජනාධිපතිවරයා , එතුමාගේ තින්දු තිරණ , වැඩ පිලිවෙල.

ජනතාව අතර එතුමා කෙරෙහි විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. එ නිසා අනිවාර්යෙන්ම 2/3 බලයක් අපි ලබා ගන්නවා.

උතුර දකුණ කියලා නැ රටම තිරණය කරලා ඉවරයි ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන්න.

මධ්‍යම පලාත තුල ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය ලබනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රි ආසන 9 ක් අපි ලබා ගන්නවා අනිවාර්යෙන්ම.

එක්සත් ජාතික පක්ෂය සහ දුරකථනය අද ඉවරයි , රනිල් වික්‍රමසිංහට තියෙන සහයෝගයවත් සජිත් ප්‍රේමදාසට නැ.

මැතිවරණ කොමිසම සමහර වෙලාවට නිකුත් කරන චක්‍රලේකණ එක්ක අපිට තේරෙන්නේ නැ කොහොමද මැතිවරණයක් සිදු කරන්නේ කියලා?

– හැටන් රංජිත් රාජපක්ෂ


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka