gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නාකොටික් එකේ අය කුඩු ජාවාරමට සම්බන්ධ නම් ඔවුන්ට මරණය දඩුවම දිය යුතුයි – මහින්ද අමරවීර

“කුඩු ජාවාරමට සම්බන්ධවුවන්ට මරණ දඩුවම දුන්නට කමක් නැහැ. රටේ අනාගතය විනාශ කරන කුඩුජාවාරම්කාරයින් අල්ලන්න තමයි නාකොටික් එක පත් කළේ. එසේ නැතිව කුඩු ජාවාරම් කරන්න නොවෙයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට එරෙහිව මරණය දණ්ඩණය දෙනවා නම්, නාකොටික් එකේ නිලධාරින් වැරදි කරුවන් යැයි ඔප්පු වුවහොත් ඔවුන්ටත් මරණ දඩුවම ලබා දීමට රජය පියවර ගන්නවා” යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

විදුලිබල හා බලශක්ති, ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (12දා) අගුණකොලපැලැස්සේ සිය නිවසේ පැවැති ගැමිදිරිය වැඩසටහනේ නියොජිතයින් අමතමිනි.

“අනෙක් කාරණය තමයි පාතාලය සුද්ද කිරීම. ඔබ දන්නවා පසුගිය සති දෙක තුළ අත්අඩංගුවට ගත්ත ආයුධ ප්‍රමාණය හරියට යුද්ධ කරන්න වගේ තමයි පාතාලයේ අවි ආයුධ ගබඩා කරලා තියෙන්නේ. ආයුධ ගබඩා පවත්වාගෙන ගියපු තට්ටු තුන හතරේ ගෙවල් අල්ලා ගත්තා. මත්ද්‍රව්‍ය ජාවාරම පසුපස ඉන්නේ පාතාලය කියන එක දැන් පැහැදිලියි.

ඊළගට කුඩු වලට එරෙහි සටන මත්ද්‍රව්‍ය නිසා අපේ රටේ තරුණ පරපුර මෙන්ම බාල පරපුර විනාශ කරනවා. කුඩු ඇතුලු මත්ද්‍රව්‍ය මර්දනය සඳහා පත් කරපු නාකොටික් එකේ ඉහළම නිලධාරින් අත් අඩංගුවට ගත්තා. දැන් පෙනී ගොස් තිබෙනවා ඔවුන් සියලු දෙනා කුඩු ජාවරමට සම්බන්ධ බව. වැටත් නියරත් ගොයම් කනවා නම් ඒ් කාරණය කාට පැමිණිළි කරන්නද කියලා ගමේ මිනිස්සු කියනවා.

කඩු අල්ලන්න පත් කරපු රජයේ නිලධාරින්ම කුඩු ජාවාරමට සම්බන්ධ වෙනවා නම් ආණ්ඩුව කො‌හොමද කුඩු මර්දනය කරන්නේ.

නීති විශාරදයින් කියනවා කුඩු ජාවාරමට සම්බන්ධ බවට තහවුරු වුණොත් මරණ දඩුවම නියම කරන්න පුලුවන් කියලා. මගේ පුද්ගලික මතය වන්නේත් එයයි. කුඩු මත්ද්‍රව්‍ය කියන්නේ මේ රටේ අනාගතය විනාශ කරන නීතිවිරෝධි ව්‍යාපාරයක්.

නාකොටික් එකේ අය මේ කුඩු ජාවාරමට සම්බන්ධ නම් ඔවුන්ට නීතිය අනුව මරණය දඩුවම දිය යුතුයි. රටේ මහජනතාවගේ මුදල්වලින් පඩිනඩි ලබමින් මේ වගේ නීති විරෝධී වැඩ කරනවා නම් ඊට සුදුසු දඩුවම දිය යුතුයි.”


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka