gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නාකොටික් රංගජීව උසාවියේදී මාධ්‍යවේදියෙකුට තග දමා ඇදගෙන යයි - (video)

වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවකු වන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා විසින් තමන්ට අමානුශික ආකාරයෙන් සැළකු බවට චෝදනා කරමින් ඡායාරූප මාධ්‍යවේදියෙකු විසින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මව්බිම පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදී අකිල ජයවර්ධන මහතා විසින් මෙම පැමිණිල්ල කොළඹ මහාධිකරණයේ පොලිස් මුරපොළ වෙත යොමු කර ඇත.

පැමිණිලිකාර මාධ්‍යවේදියා කියා සිටින්නේ තමා නඩු විභාගයන් ආවරණය කිරීම සඳහා කොළඹ මහාධිකරණ පරිශ්‍රය තුළ රැඳී සිටි බවය.

එම අවස්ථාවේ ඡායාරූප ගනිමින් සිටි තමන්ව පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා විසින් බලහත්කාරයෙන් අධිකරණ පොලිස් මුරපොළ වෙත ඇදගෙන ගොස් එහිදී පහරදීමට තැත් කළ බව මාධ්‍යවේදියා සිය පැමිණිල්ලෙන් චෝදනා කර තිබේ.

එමෙන්ම මාධ්‍යවේදියා සතුව තිබූ කැමරා චිප් දෙකක්ද ඔහු විසින් ලබාගැනීමට කටයුතු කර තිබෙන බවද එම මාධ්‍යවේදියා සිය පැමිණිල්ලෙන් ප්‍රකාශ කර තිබේ.

මෙම සිද්ධිය පිළිබඳව විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් පරීක්ෂණ ආරම්භ කර ඇත.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka