gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොවිඩ් තාක්ෂණික කමිටුව මාසෙකින් රැස්වෙලා නෑ.වහාම රැස්විය යුතුයි-GMOA

කොවිඩ්19 වසංගතයට අදාලව සෞඛ්‍ය අමාත්‍යංශය පත්කළ තාක්ෂණික කමිටුව මාසයකට ආසන්න කාලයක සිට රැස්වී නැතැයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංඟමය සඳහන් කරයි.
බන්ධනාගාර රැඳවියෙකුට කොවිඩ්19 ආසාදනය වී තිබෙන බවත්,මේ නිසාම වහාම තාක්ෂණික කමිටුව කැඳවීමට කටයුතු කළ යුතු බවත් එම සංඟමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

මේ තත්වය සම්බන්ධයෙන් තාක්ෂණික තීන්දු තීරණ තාක්ෂණික කමිටුව විසින් ගනු ලබන බවත්,එවැනි තත්වයක් තුළ තාක්ෂණික කමිටුව මාසයකට ආසන්න කාලයක් රැස්වී නොමැති බවත් ඔහු පවසා සිටියේය.

බන්ධනාගාරය තුළින් කොවිඩ්19 රෝගියෙකු හඳුනාගෙන තිබෙන බවත්,මේ නිසා රටේ සමස්ත ජනතාව දුරස්ථභාවය තබාගෙන වැඩ කටයුතු කිරීම ,මුඛ ආවරණ පැලඳීම,දෑත් සේදීම ආදිය අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවත් ඒ මහතා කියා සිටියේය.

කොවිඩ්19 තත්වය රට තුළ පාලනය කර තිබුණද එය රට තුළින් සම්පූර්ණයෙන්ම තුරන් කර නොමැති බවත්,මේ නිසා කොවිඩ්19 උපදෙස් අමතක කර කිසිවෙකුටත් කටයුතු කළ නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka