gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ස්වර්ණමහල් හා ETI ව්‍යාපාරික කටයුතු අත්හිටුවයි

ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී සහ ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතනවල ව්‍යාපාරික කටයුතු අද (13) සිට අත්හිටුවීමට තීරණය කළ බව මහ බැංකුව පවසයි.

2011 වසරේ සිට පැවති විවිධ අක්‍රමිකතා හේතුකොටගෙන ETI ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනය මේ වන විට බංකොලොත්භාවයට පත්ව තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම ආයතන යථා තත්ත්වයට පත් කිරීම සඳහා සපයන ලද මාර්ගෝපදේශන සඳහා සෑහීමකට පත්විය හැකි පිළියම් යෙදීමට මෙම ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරීත්වය දිගින් දිගටම අපොහොසත් වීම හේතුවෙන් 2018 ජනවාරි 02 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එකී ආයතනවල මෙහෙයුම් කටයුතු සීමා කිරීම, අධ්‍යක්ෂ මණ්ඩලයේ බලතල සීමා කිරීම මෙන්ම එම ආයතන කටයුතු අධීක්ෂණය සඳහා කළමනාකාර මණ්ඩලයක් ද පත් කරන ලදී.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka