දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්, නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ඇතුළු නිලධාරීන් සමග මැතිවරණ කොමිසම ඊයේ සාකච්ඡාවක නිරත විය.
එහිදී නිරෝධායනයට ලක්වන පුද්ගලයන්ට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
මේ අතර අගෝස්තු 5 වනදා පැවැත්වෙන ඡන්දයේ පළමු ප්‍රතිඵලය අගෝස්තු 6 වනදා පස්වරුව වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.
