gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

2011 ලෝක කුසලානයේ පාවාදීමක් සිදුව නොමැති බවට වන වාර්තාව නීතිපතිට

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේදී පාවාදීමක් සිදුව නොමැති බවට වන වාර්තාව, ඉදිරි ක්‍රියාමාර්ග සඳහා උපදෙස් ලබාගැනීමට නීතිපති වෙත යොමුකර තිබෙනවා. 2011 වසරේ ලෝක කුසලාන අවසන් මහා තරගය පවා දුන් බවට එවකට හිටපු ක්‍රීඩා මහින්දානන්ද අලුත්ගමගේ විසින් පැවසීමෙන් අනතුරුව ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කරනු ලැබුනා.

එහිදී 2011 වසරේ ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතාගෙන්, හිටපු නායක කුමාර සංගක්කාර මහතාගෙන් හා හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංග මහතාගෙන් ප්‍රකාශ ලබා ගත අතර ඉන් පසුව මහේල ජයවර්ධන මහතා කැඳවා තිබුනත් ඔහුගේ ප්‍රකාශයක් ලබා නොගෙනම විමර්ශනය අවසන් කෙරුණා.

එහිදී ක්‍රීඩා වැරදි පිළිබද විශේෂ විමර්ශන ඒකකය සඳහන් කරනු ලැබුවේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා කරන ලද චෝදනාව ඔප්පු කිරීමට තරම් සාක්ෂි නොමැති බවයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka