අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට නවතා තිබුණු ලොරි රථයක රෝද දෙකක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ සේවයෙහි නියුතු පොලිස් රියදුරෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය ප්‍රවාහන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත් අඩංගුවට ගෙන තිබුණු මෙම ලොරි රථය පසුගිය වසරක පමණ කාලයක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට නවතා තිබී ඇති අතර පසුගිය 21 වනදා රාත්‍රියේ මෙහි රෝද දෙකක් පොලිස් කොස්තාපල්වරයකු සහ තවත් පුද්ගලයෙකු විසින් සොරකම් කර තිබේ.
අදාළ සොරකම සිදුකෙරෙන අවස්ථාවේ CCTV කැමරා දර්ශන ද හමුව ඇති අතර කැළණිය ප්‍රදේශයේ පදිංචි සැකකාර පොලිස් නිලධාරියාගේ නිවසේ තිබී එම රෝද දෙක ද හමුවූ බවයි පොලිසිය සඳහන් කළේ.
CIDය ඉදිරිපිට නවතා තිබූ ලොරියක රෝද දෙකක් පොලිස් රියදුරෙක්ම උස්සලා !
2020-07-26T09:27:00+05:30
Lanka Hot News