gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කට පරිස්සම් කරගනු දැන් ඉන්න ජනාධිපති පබයෙක් නෙමෙයි - හිටපු ඇමති ඉන්දික විජයකලා සහ සිවාජලිංගම්ට සැරටම අමතයි

රටට අද නායකත්වය දෙන්නේ යුද ජයග්‍රහණයට දායකත්වය දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා බව උතුරේ කොඩි ඔසවන්න හදන සිවාජලිංගම් මෙන්ම ප්‍රභාකරන් හොඳයි කියන විජයකලා දැනගත යුතු බව හිටපු නිවාස රාජ්‍ය අමාත්‍ය, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

පසුගිය ආණ්ඩුවේ මෙන්ම පතෝල නායකයින් වත්මන් ආණ්ඩුවේ නොමැති බවත්, ජනතාවට වග කියන ශක්තිමත් කෂේරුකාවක් ඇති නායකයින් දෙපළක් අද රටේ සිටින බවත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
අන්තවාදීන් සහ බැංකු හොරුන් එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම සමඟි ජන බලවේගයේත් සිටින බවත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එවැනි පිරිස් නොමැති බවත් ඉන්දික අනුරුද්ධ මහතා පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දික අනුරුද්ධ මහතා, “එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය අද සමාජයට දෙන පණිවිඩය නම් අන්තවාදී හෝ ග්‍රෝතවාදී ක්‍රමවේදයකට ගොස් පාර්ලිමේන්තුව හදනවා කියලා. 19 වැනි ව්‍යවස්ථාව අහෝසි වුනොත් මුකුත් කරන්නට නොහැකි බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියනවා. වසර 4 ½ ක් මේ ව්‍යවස්ථාව තියාගෙන ඔවුන් මහ බැංකු කැඩුවා, ඉඩම් සහ දේපළ විකිණුවා. මේ දේවල් නැවත කරන්න 19 වැනි ව්‍යවස්ථාව අවශ්‍යයි කියන එකයි ඔවුන් පවසන්නේ. අපි 19 ඉවත් කරන්න කියන්නේ එහි ව්‍යාජ බවක් තිබෙන නිසයි. ‘අපි පාර්ලිමේන්තුවට එන්නම් ආවට පස්සේ වැඩේ කරන හැටි දන්නවා කියා’

වජිර අබේවර්ධන කියා පවසනවා. මේ ඔක්කොම එකම කණ්ඩායමක්. මේ අය කණ්ඩායමක් ලෙස එකතු වෙලා තමයි මෙවැනි ප්‍රවෘත්ති නිකුත් කරන්නේ.
වජිර අබේවර්ධන මහතාට ගාල්ලෙන් පාර්ලිමේන්තු එන්න බැහැ කියා අපි කියනවා. ඔවුන් හිතන පිරිසක් ගාල්ලෙන්, මාතරින්, හම්බන්තොටින්, ගම්පහින්, කුරුණෑගලින් එන්නෙත් නැහැ. අද එක්සත් ජාතික පක්ෂයේ වගේම සමගි ජන බලවේගයේත් අන්තවාදීන් සහ බැංකු හොරු සිටිනවා. අපි ළඟ වැරැදි කාරයෝ නැහැ කියා ඔවුන්ට පෙන්වන්න පුළුවන්ද. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපිට පෙන්වන්න පුළුවන්. හැබැයි ඒ තුළත් වැරැදිකාරයෝ සිටිනවා නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද දායකයින් සාර්ථක මිනිස්සුන් පමණක් පාර්ලිමේන්තුවට එවිය යුතුයි. අපේ බලාපොරොත්තුව එවැනි පිරිසක් පාර්ලිමේන්තුවට ඒමයි. අද දේශීය යන්ත්‍රණය ගොඩ නගන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට දැවැන්ත වැඩපිළිවෙලක් තියෙනවා. එම වැඩපිළිවෙල තුළ එළැඹෙන රජයේදී වරදාන වරප්‍රසාද ලැබෙන්නේ දේශපාලඥයින්ට නොව මෙරටේ ජනතාවටයි. අපි සුදානම් වන්නේ සැලසුම් සහගත ආණ්ඩුවකටයි. අපි 2015 ජනවාරී 08 වැනිදා දැක්කේ ඇහින්දාස් ආණ්ඩුවක්. ඔවුන් එහෙන් මෙහෙන් ආණ්ඩුවක් ආටවා ගත්තා. අද අපේ පක්ෂය, අපේ වැඩ පිළිවෙල සාර්ථකයි. අපේ ජනාධිපතිවරයා අති සාර්ථකයි. 2020 මැතිවරණයෙන් පසු අපි අගෝස්තු 05 වැනිදා අඩිය තබන්නේ සාර්ථක බහුතර ආණ්ඩුවකටයි.

‘ප්‍රභාකරන් හිටියා නම් හොඳයි, ප්‍රභාකරන් තමයි අපේ වීරයා, ප්‍රභාකරන්ගේ පාලන කාලයේ තමයි අපිට නිදහස තිබුණේ, ආර්ථිකය ගොඩ ගියේ’ කියා උතුරෙන් වැඩිපුර සද්ද ඇහෙනවා. පසුගිය කාලයේ ගොඩ ගියේ උතුරු, නැගෙනහිර අහිංසක ජනතාව නොව විජයකලා වැනි අයගේ ජාවාරම්කාර ආර්ථිකයයි. සිවාජිලංගම් ඇතුළු පිරිස් එකතු වී ඒ ප්‍රදේශවල ජාවාරම් කළා. ඒ වගේම ඔවුන් එය කොළඹ සිට මෙහෙයෙවීම සිදු කළා. එය නොමැතිව ඔවුන් අද අපහසුතාවට පත්ව තිබෙනවා. ‘පාර්ලිමේන්තුව රැස් වුණාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බහුතරය ගන්නවා. එය වෙනස් කරන්න නම් 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තිබෙන ඔලු ගෙඩි වෙනස් කර ගන්න අවශ්‍ය ප්‍රතිපාදන එවන්න’ කියා කොටි ඩයස්පෝරාවට, ජීනිවාවලට, රාජ්‍ය නොවන සංවිධානවලට ප්‍රවෘත්තියක් යවන්න අන්තවාදී කණ්ඩායම් එකතු කර ගනිමින් මොවුන් උත්සාහ කරනවා. මේ ප්‍රතිපාදන ලබා ගන්න තමයි මොවුන් මේ ව්‍යාපාර කරන්නේ.

සිවාජිලිංගම් උතුරේ කොඩි ඔසවන්න, සැමරුම් කරන්න සුදානම් වුණාට, විජයකලා ප්‍රභාකරන් හොඳයි කියා කිව්වාට අද මේ රටට නායකත්වය දෙන්නේ යුද්ධය අවසන් කරන්න නායකත්වය දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා බව මතක තබා ගත යුතුයි. පතෝල වගේ නායකයෝ දෙන්නෙක් තුන්දෙනෙක් ජනාධිපති, අගමැතිකම් කළ ආණ්ඩුවක් තුළ සිටි ඔවුන් වත්මන් ආණ්ඩුවෙත් එවැනි අය සිටිනවා කියා තවමත් හිතනවා ඇති. අද තියෙන්නේ ශක්තිමත් කෂේරුවක් ඇති නායකයෝ දෙපළක් සිටින ආණ්ඩුවක්. අද රටේ ජනතාවට වග කියන නායකයෝ දෙපළක් සිටිනවා. ඒ නායකයින්ට පාර්ලිමේන්තුවේ සහ ව්‍යාවස්ථාදායකයේ බලය ලබා ගැනීමටයි, අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගමට ගිහින් තියෙන්නේ. එය අද සක්‍රීයව ක්‍රියාත්මක වනවා.” යනුවෙන්ද පැවැසීය.

ඉන්දික අනුරුද්ධ මහතා මේ බව කියා සිටියේ දිවුලපිටිය, මරඳගහමුල පිහිටි සිය කාර්යාලයේදී අද (08) දින මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka