gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නීති විරෝධී වත්කම් විමර්ශනයට නව පොලිස් ඒකකයක් - බේරෙන්න සරසවි සිසුන්ගේ බැංකු ගිණුම් වලට පාතාලයේ සල්ලි දාලා

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව යටතේ “නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය” ලෙස නව පොලිස් ඒකකයක් ඉදිරි දින කිහිපය තුළ ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

අද (19)දින පෙරවරුවේ පොලිස් මූලස්ථානයේ පැවති විශේෂ පොලිස් මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

විවිධ ජාවාරම් සහ මත්ද්‍රව්‍ය හරහා නීති විරෝධීව උපයන නිෂ්චල සහ චංචල දේපළ මුදල් විශුද්ධිකරණ පනත යටතේ රාජසන්තක කිරීම සම්බන්ධයෙන් පූර්ණ කාලීනව කටයුතු කිරීම මෙම කොට්ඨාශයේ රාජකාරිය බවද ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.

සරසවි සිසුන්ගේ බැංකුවලට පාතාලයේ සල්ලි රිංගයි

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වත්කම් දේපළ හා බැංකු ගිණුම් පරික්ෂා කිරීමේ මෙහෙයුම් ආරම්භ වීමත් සමඟ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඔවුන් එම ජාවාරමෙන් උපයා ගෙන ඇති මුදල් විශ්වවිද්‍යාල සිසුන් සහ සාමාන්‍ය ජනතාවගේ ගිණුම් වෙත බැර කිරීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බවට බස්නාහිර පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ පොලිස් මූලස්ථානයේ ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ජාවාරම්වලින් උපයා ගත් එම විශාල ගිණුම් පවත්වාගෙන යෑම සඳහා ඔවුන්ට පාතාල නායකයන් 5,000ක් වැනි මුදලක් සතිපතා ගෙවන බවද හෙළිදරව් වී තිබේ.

ඇතැම් විශ්වවිද්‍යාල සිසුන් නොදැනුවත්කම නිසා මොවුන්ගේ උපායවලට හසු වී ඇති බවත් ඊට අදාළව පැමිණිලිද පොලිසිය වෙත ලැබී ඇති බවද එම ගිණුම්වලට විශාල මුදල් කන්දරාවක් පාතාලය විසින් බැර කර පසුව ඊසි කෑෂ් හරහා ඔවුන් ලබා දෙන අංකයට බැර කරන ලෙසට දන්වන බවද හෙළිවී ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බස්නාහිර පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙසේද පැවසීය.

"පාතාලය මෙරටින් තුරන් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ, ආරක්ෂක ලේකම්වරයාගේ හා පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ මෙහෙයුමක් මේ වන විට ආරම්භ කරලා තියෙන්නේ. සංවිධානාත්මක කල්ලි 25ක් බස්නාහිර පළාත තුළ මේ වෙද්දී ක්‍රියාත්මක වෙනවා. ඉන් කණ්ඩායම් 20ක් මේ වෙද්දී සක්‍රියව ක්‍රියාත්මක වෙනවා. මෙම කණ්ඩායම් 20 ක්‍රියාකාරී සාමාජිකයන් 388ක් මේ වෙද්දී අප හඳුනා ගෙන තියෙනවා. ඉන් පිරිසක් විදෙස්ගතව තවත් කොටසක් බන්ධනාගාර ගතව ඉන්නවා. මොවුන් ඔවුන්ගේ අනුගාමිකයෙක් හරහා තමයි අපරාධ ක්‍රියා සිදුකරන්නේ. තවත් පිරිසක් ඇප මත සිටිමින් පොලිසිය මඟ හරිමින් අපරාධ සිදුකරමින් සිටිනවා. පොලිස්පතිවරයාගේ මඟ පෙන්වීම යටතේ නව වැඩපිළිවෙළක් අපි ආරම්භ කරලා තියෙනවා. මෙම අපරාධකරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා බස්නාහිර පළාත් පොලිස් වසම් 53ක් තුළ මෙම පාතාල සාමාජිකයන් 388 දෙනා ගැන ක්‍රියාකාරකම් සිදුවෙනවා. එම නිසා මෙම පොලිස් වසම්වල සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට අපි මාසයක කාල සීමාවක් දීලා තියෙනවා  මෙම 388 දෙනා සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන්න කියලා. දැනට විදෙස් රටවල රැඳී සිටින දරුණු ගණයේ අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය නෛතික ක්‍රියාකාරකම් ආරම්භ කරලා තියෙනවා. එවැනි පාතාල සාමාජිකයන් 15 දෙනකුට මේ වන විටත් රතු නිවේදන නිකුත් කරලා තියෙන්නේ.

මෙලෙස හඳුනා ගෙන සිටන විදෙස්හි සැඟවී සිටින අපරාධකරුවන්ට වරෙන්තු ලබා ගනිමින් මෙරට අධිකරණය වෙත කරුණු පැහැදිලි කිරීම් ඉදිරියේදී සිදුකර ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කිරීමට නියමිතයි. ඒවාගේම බන්ධනාගාර තුළ සිටිමින් අපරාධ කටයුතු මෙහෙයවන පිරිස් සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. පොලිසිය වශයෙන් අප බන්ධනාගාරය වෙත ආරක්ෂාව තහවුරු කරමින් බන්ධනාගාරයට නීතිවිරෝධී දෑ සපයන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කරලා තියෙනවා."
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka