gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රී ශ්‍රීලනිපයෙන් සමු ගැනීමට සූදානම් වෙයි - මැතිවරණයෙන් පසු ශ්‍රීලනිපයට තරුණ නායකත්වයක්

සාම්ප්‍රදායික දේශපාලනයෙන් බැහැරව අලුත් ලොවක් ගැන දැණුමැති තරුණ අදහස්වලට ශ්‍රීලනිප නායකත්වය භාර කිරීමට කාලය පැමිණ ඇති බව ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ අනුව මහ මැතිවරණයෙන් පසුව පක්ෂයේ තනතුරුවලින් ඉවත්වීමට සැළසුම් කර ඇති බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.

ඔහු මේ බව සඳහන් කළේ කළුතර ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගි වෙමිනි.

ඉදිරියේදී තමන් පක්ෂයේ අනුශාසකවරයෙකු ලෙස පමණක් කටයුතු කරන බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ.

පක්ෂය කඩාවැටී ඇති බවට ඇතැම් පුද්ගලයන් එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, ශ්‍රීලනිපය තවමත් ශක්තිමත්ව පවතින බවත් ඔහු අවධාරණය කරනවා. ඉදිරියේදී තරුණ නායකත්වයක් යටතේ පක්ෂය තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි සිරිසේන මහතා වැඩිදුරටත් පවසන්නේ.

ශ්‍රීලනිප ලේකම් ධුරයෙන් ඉවත්ව 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ සිරිසේන මහතා එහිදී ප්‍රකාශ කළේ තමන් නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකු ලෙස කටයුතු කරමින් විධායක ජනාධිපති ක්‍රමයද අහෝසි කර දේශපාලනයෙන් විශ්‍රාම යන බවයි. කෙසේ වෙතත් ඔහු ජනාධිපති තනතුරට පත්වීමෙන් පසුව ශ්‍රීලනිප නායකත්වය භාරගත් අතර ඔහුගේ ධුර කාලයේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටද අසමත් විය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka