gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහවැලි අධිකාරියේ නිළධාරීන් රොෂාන් රණසිංහගේ ප්‍රචාරක වැඩවල - විමර්ශනයට ආ කොමිසමේ නිළධාරීන් බැණවැදී එළවා ගනී !

පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ සිදුවන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව, අදාල පැමිණිල්ල විමර්ශනය කිරීම සඳහා ගිය මැතිවරණ කොමිසමේ නිළධාරීන් පිරිසකට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක රොෂාන් රණසිංහ මහතා බාධා සිදුකර තිබෙන බව වාර්තා වේ.
ඊයේ (19) දිනයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර අදාල බාධා කිරීම් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක්ද ලැබී තිබෙනවා.

පොළොන්නරුව නව නගරයේ හෝටලයක පැවැත්වෙන රැස්වීමක් සඳහා මහවැලි අධිකාරියේ නිළධාරීන් සහභාගි වී ඇති අතර එම රැස්වීමේ කටයුතු සඳහා මහවැලි අධිකාරියේ වාහන භාවිතා කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් ලැබී ඇති අතර නිළධාරීන් එහි ගොස් ඇත්තේ, රාජ්‍ය දේපල සහ රාජ්‍ය නිළධාරීන් නීතිවිරෝධී ලෙස මැතිවරණ කටයුතු සඳහා යොදවා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහායි.

අදාල රැස්වීමට සහභාගි වී සිටි රොෂාන් රණසිංහ මහතා සහ ඔහුගේ ආධාරකරුවන් මැතිවරණ කොමිසමේ නිළධාරීන්ට බැනවැදී ඔවුන්ගේ රාජකාරියට බාධා සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

තමන්ට සිදුකළ බාධා කිරීම් සම්බන්ධයෙන් විමර්ශනය සඳහා සහභාගි වූ නිළධාරීන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර අදාල රැස්වීම සඳහා මහවැලි අධිකාරියට අයත් වාහන සහ සේවකයන් යොදවාගෙන ඇති බව ද එම නිළධාරීන් තහවුරු කර තිබෙනවා.

-lankanewsweb
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka