gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත් පිලේ විපක්‍ෂ නායක ඉවතට.. රනිල් පිලෙන් නව විපක්‍ෂ නායකයෙක්..

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ නව විපක්ෂ නායකවරයා ලෙස කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී සරත් ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂය විසින් පත්කර තිබේ.

ඒ මහතා කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ ඉදිරි මාසික සභා වාරයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායක තනතුරේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතය.

සරත් ගුණවර්ධන මහතා විපක්ෂ නායක ධූරයට පත්කල බව සදහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අඛිල විරාජ් කාරියවසම් මහතා විසින් නිල වශයෙන් කරන්දෙණිය ප්‍රාදේශිය සභාවට දැනුම් දී තිබෙන බව කරන්දෙණිය ප්‍රාදේශීය සභාව කියයි.

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරන ලද්දේ එස් ඒ ජයසිංහ මහතාය. ඒ මහතා පසුගිය සභා වාරයට පෙර සභා වාරයේදී ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායක ධූරයෙන් ඉල්ලා අස් විය. එයින් පුරප්පාඩු වූ විපක්ෂ නායක ධූරය සදහා සරත් ගුණවර්ධන මහතා පත්කර තිබේ.

එස් ඒ ජයසිංහ මහතා මේ වන විට කරන්දෙණිය ආසනය නියෝජනය කරමින් ජාතික සමගි ජන බලවේගයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරග කරන නීතිඥ ජයන්ත ජයවීර මහතාට සහය දක්වමින් දේශපාලන කටයුතු වල නිරත වෙමින් සිටී.

කරන්දෙණිය ආසනය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරග කරන්නේ නුවන් සොමිරත්න මහතාය. ඒ මහතාට සහය දක්වන කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ එකම මන්ත්‍රීවරයා වන්නේ නව විපක්ෂ නායකවරයා ලෙස පත් කරන ලද සරත් ගුණවර්ධන මහතාය.

සිව් (04) දෙනෙකු ගෙන් සමන්විත කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අතරින් හිටපු විපක්ෂ නායක එස් ඒ ජයසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් තිදෙනෙකුම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සහය දක්වන්නේ ජාතික සමගි ජන බලවේගයේ අපේක්ෂක ජයන්ත ජයවීර මහතාටය.

– ජයකාන්ත ලියනගේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka