gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේ රටේ නායකයා වෙන්න නාමල් රාජපක්‍ෂ දැනටම බොහෝ සුදුසුකම් සපුරලා..

සබැ දේශපාලනඥයකු වීමට තිබිය යුතු ගුණාංග අතර මානව දයාව ප්‍රධාන යැයි ද එවැනි ගුණාංග සහිත දේශපාලනඥයන් තෝරා ගැනීමේ පරම වගකීම ඇත්තේ පොදු ජනතාව සතුව යැයි ද අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය .

අනාගතයේ අප රට බාර විය යුත්තේ එවැනි උදාර අයට බව කී ඒ මහතා , අනාගත දිනෙක රටේ නායකත්වයට නාමල් රාජපක්‍ෂ මහතා මේ වන විටත් බොහෝ සුදුසුකම් සපුරා ඇතැයි ද සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේ මෙවර මහ මැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරඟ කරන නාමල් රාජපක්‍ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා ඉකුත් දා (26) තිස්සමහාරාම – රිදියගම පැවැති ජන හමුවකට එක් වෙමිනි .

එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .

දේශපාලනඥයාට රට දැය සමය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළ හැකියි .ඒ සඳහා ඔහුට බොහෝ අත් දැකීම් තියෙන්න ඕනෑ. දැක්මක් සහිත ව කළ පුරුද්ද පළපුරුද්ද තියෙන්නත් ඕනෑ .රට අනතුරුකට වැටුණු විට ඒ අභියෝග ජය ගන්න හැකි පෞරුෂයක් ද අවශ්‍ය වෙනවා .

නාමල් ඒ සුදුසුකම් සහිත නායකයෙක් .තීක්ෂණ බුද්ධියක් මෙන් ම මනුස්සකමින් ද ඔහු ඉහළ තැනක සිටිනවා . ඔහුට අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් බොහෝ ආදර්ශ හා අත් දැකීම් ද ගත හැකියි .

අද වන විට අපේ රට අභියෝග රැසකට මුහුණ දීලා .යහපාලනය රට අගාධයකට ගෙන ගියා .2005 දීත් චන්ද්‍රිකා නෝනගෙන් මහින්ද රාජපක්‍ෂ මහත්තයට ලැබුනේ ගොඩ ගන්න අමාරුම රටක් .එතුමා ඒ අභියෝගය ජයගත්තා .රට ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගන්න එදා නිසි දේශපාලන නායකත්වය දුන්නා .රටේ වේගවත් සංවර්ධනයක් ඇති කළා .යහපාලනය ඒ සියල්ල අපට අහිමි කළා . ගෝඨාභය මහත්තය බාර ගත්තෙත් විනාශය කරා ගෙන ගිය රටක් .

රටක ඉදිරි ගමනට ස්ථාවර පාර්ලිමේන්තුවක් ඕනෑ . ත්‍රස්තවාදය අතුගා දමා රට නිදහස් කර ගැනීමට සටන යද්දී 2007 දී පාර්ලිමේන්තුව අස්ථාවර කිරීමට පිරිසක් උත්සාහ කළා .රජයට ලොකු පීඩනයක් දුන්නා .අපි එය පරාජය කළා .අද ඒ සිදුවීම් සමහරුන්ට අමතක වෙලා .

රටට ආදරය ඇති මන්ත්‍රී පිරිසක් තෝරා පත් කර ගැනීම ඇත්තේ ජනතාව අතේ .ඒ සඳහා ඡන්ද දායකයන් බුද්ධිමත් විය යුතුයි .ඒකීය රටක සියලු ජාතීන්ට සතුටින් ජීවත් වීය හැකි පරිසරයක් සකස් කර ගැනීම අපේ ඉලක්කය විය යුතු වෙනවා .ඒ ගමන යන්න වෙනස් වන සමාජය දෙස ගැඹුරින් බැලිය හැකි දේශපාලන නායකත්වයක් මෙන් ම ඊට ගැලපෙන නියෝජිත පිරිසකුත් ඕනෑ
.මහින්ද රාජපක්‍ෂ මහතා ජන සම්මතයෙන් අගමැති වෙද්දී ඊට ගැලපෙන නියෝජිතයින් තෝරා පත් කර දීමට සියලු ඡන්ද දායකයන්ට නුවණැස පහළ වේවා යැයි ද හෙට්ටිගේ මහතා සඳහන් කළේය .

-Khmedia-
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka