gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

යාපනයේ කැලෑවකින් හමු වූ බෝම්බයක් පිපිරී තිදෙනෙකුට තුවාල... සිව් දෙනෙකු අත්අඩංගුවට...

යාපනය ඉලවාලෙයි පොස් වසමේ කීරිමලෙයි ප්‍රදේශයේදී ඊයේ (12) සවස බෝම්බයක් වැනි යමක් ගැලවීමට ගත් උත්සහයකදී එය පුපුරා යාමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර එහි සිටි සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බවට ඉලවාලෙයි පොලීසිය පවසයි.

කීරිමලෙයි ප්‍රදේශයේ කැලෑවකින් හමු වූ බෝම්බයක් සැකකරුවන් විසින් කැපීමට උත්සහයකදී එහි පිපිරීමක් සිදුව ඇති අතර එයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවටද පොලීසිය පැවසීය.

බෝම්බය ගලවා වෙනත් පිපිරීමක් හෝ පුපුරණද්‍රව්‍ය රැස් කිරීමට සැකකරුවන් උත්සහයක යෙදී ඇති බවට තොරතුරු අනාවරනය වීමත් සමග පිපිරීමෙන් තුවාල ලැබූ තිදෙනා ඇතුලු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන් මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන ඉලවාලෙයි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka